ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරිකයක් පුපුරා යයි
ලක්ෂ දෙකක් ජනතාව ඉවත් කෙරේ
සහන සේවාවට ලක්ෂයක් යොදවයි
මේ බලාගාරයේ උවමනාවට වඩා රත්වීමෙන් සිදුවිය හැකි දරුණු ඛේදවාචකය වළකාගැනීමට ජපානය ඉරිදා ප්‍රබල මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ෆුකුෂිමා බලාගාරයේ එක් ප්‍රතික්‍රියාකාරකයක වහළ සහ බිත්ති සෙනසුරාදා පිපිරී ගොස් තිබේ. එය සම්පූර්ණයෙන්ම දියවීයාමට ඉඩ ඇති බවට විද්‍යාඥයෝ බිය පළ කරති. මේ නිසා 1986 චර්නොබිල් ව්‍යසනය වැනි ව්‍යසනයක් ඇති වනු ඇතැයි විශ්වාස කෙරේ.
ජපානයේ කුඩා වරායක් ආශි‍්‍රත නගරයක්වූ මිනමිසාන්රිකු නගර වාසීන් 10,000 පමණ එනම් නගරවාසින්ගෙන් අඩකට පමණ ආගිය තැනක් නැති බව විදෙස් වාර්තා සඳහන් කරයි. නිල වාර්තාවලට අනුව මියගිය සංඛ්‍යාව 1000 පමණ වෙතැයි දැක්වුවත්, මෙම ඛේදවාචකයෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි වීමට ඉඩ ඇති බව කියයි. මේ අතර නිවාස අහිමිවූවන් 215,000 පමණ හදිසි රැඳවුම් මධ්‍යස්ථානවලට රොක්වී සිටිති.
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ශීතකිරීමේ පද්ධතිය සුනුවිසුනුවී ගොස් ඇති නිසා එය රත්වීම වැලැක්වීමට මුහුදු ජලය යොදාගනිමින් දැඩි පරිශ්‍රමයක් යොදන බව සඳහන්.
ලාගාරය අවට පදිංචිවී සිටි 200,000 කට අධික සංඛ්‍යාවක් පදිංචි ස්ථානවලින් ඉවත් කරගෙන ඇති බව ජාත්‍යන්තර න්‍යෂ්ටික බලාධිකාරය පවසයි.
සහන සේවා සඳහා යොදවා තිබූ 50,000 පිරිස ජපන් රජය විසින් 100,000 දක්වා වැඩිකර ඇති බව ජපන් ආරක්ෂක ඇමතිවරයා පවසයි.
ජපානයේ වේලාවෙන් සිකුරාදා පස්වරු 2.46 ට සිදුවූ මෙම භූකම්පනයෙන් මිලියන 30 පමණ වාසයකරන ටෝකියෝ නගරයේ ගොඩනැගිලි පවා සෙලවී තිබේ. මෙම ප්‍රබල කම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ම සිදුවී ඇත. ඇතැම් කම්පනවල ප්‍රබලතාව රිච්ටර් මාපකයේ 6 – 7 අතර සටහන්වී තිබේ.
ප්‍රබල භූකම්පනයෙන් සහ සුනාමියෙන් සිදුවූ ඛේදවාචකයට වඩා දරුණු ඛේදවාචකයක් බලාගාර පිපිරීමෙන් සිදුවනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.