Warmly Welcome

අප විද්‍යාලයේ වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි.

Sunday, March 6, 2011

ගින්දර උහුලන සුන්දරීලා

සිය වැනි කාන්තා දිනය නිමිත්තෙනි
තවත් ජාත්‍යන්තර කාන්තා දිනයක්‌ උදා වෙමින් පවතී. මෙවර සැමරෙන්නේ සිය වැනි ජාත්‍යන්තර කාන්තා දිනය යි. මාර්තු 08 වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මෙවර තේමාව ලෙස තෝරාගෙන ඇත්තේ "දේශය නැඟුමට ඇගේ ශ්‍රමය ශක්‌තියක්‌" යන පාඨය බව දැනටමත් ප්‍රසිද්ධ වී තිබේ.

වසරකට දින 365 ක්‌ පුරා පැය 8760 කට ආසන්න කාලයක්‌ දුක්‌ සෝ සුසුම් විඳින කාන්තාවන් වෙනුවෙන් වසරකට එක දිනයක පැය කිහිපයක්‌ වෙන්කර තැබීම කෙතරම් සාධාරණ ද?

පිරිමි කොතෙක්‌ සිටියත් මේ ලොව පවතින්නේ කාන්තාවන් නිසා ය. කාන්තාවන්ට හිංසා පීඩා කරන සෑම පිරිමියෙක්‌ ම ගැහැනියගේ කුසින් මොලොව එළිය දුටුවෝ වෙති. දස මසක්‌ කුස හොවා, කිසි දිනක පිරිමියෙකුට නොදැනෙන දරුණුතම වද වේදනාව උහුලා ගනිමින් දරුවන් බිහි කරන කාන්තාවන් වෙනුවෙන් සිදු කරන්නා වූ උතුම් ගෞරවය ජාත්‍යන්තර කාන්තා දිනයට ලඝූ කිරීම මොනතරම් අපහාසයක්‌ද?

එහෙත් වසර පුරාම කාන්තාවන්ට අපහාස කරන, කාන්තාවන්ට හිංසා කරන, කාන්තාව පීඩනයට පත් කරන මේ සමාජයට ඇයගේ වටිනාකම කියා දෙන්නට එක දිනයක්‌ හෝ තිබීම එක්‌ අතකින් වරදක්‌ ද නැත.

වත්මන් ලෝකයේ කාන්තාවන් පිරිමින් අභිබවමින් සිටින මෙවන් යුගයක වුව ද ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල කාන්තාවන්ගේ ඉරණම ෙ€දනීය බව කිව යුතුය. විශේෂයෙන්ම හින්දු සංස්‌කෘතික ගැහැනිය සහ ඇතැම් රටවල මුස්‌ලිම් ජාතික කාන්තාවන් දැඩි ලෙස පිරිමින්ගේ ආධිපත්‍යයෙන් පීඩා විඳිනු ඇත. හින්දු සංස්‌කෘතියට අනුව සැමියා මියගිය ස්‌ත්‍රියට සමාජමය වශයෙන් නොයෙක්‌ පීඩාවලට මුහුණ දීමට සිදුවන අතර ඔවුන්ගේ ආගමික පිළිවෙත නම් සැමියාගේ දැවෙන සෑයට පැන දිවි නසා ගැනීම සැමියා නොමැතිව සමාජයේ ජීවත්වීමට වඩා කාන්තාවකට සැනසීමක්‌ බවයි. අප්‍රිකානු සමාජයේ මුස්‌ලිම් ජාතික කාන්තාවන්ට පනවා ඇති තහංචි, චර්ම ඡේදනය (සුන්නත් කිරීම), අසීමිත ලෙස දරුවන් වැදීම වැනි පීඩනයන් අඩු වැඩි වශයෙන් අදටත් පැවතීම ෙ€දයකි.

මේවා නොවුණත් මේ හා සමාන වද හිංසනවලට අපේ රටේ කාන්තාවන් ද මුහුණ දෙනු ඇත. වසර සියයක්‌ ලෝක කාන්තා දිනය සිය වරක්‌ සැමරුවත් ඒවාට නිශ්චිත කෙසේ වෙතත් සාධාරණ විසඳුමක්‌වත් ලැබී තිබේ ද?

අපේ රටේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා කාන්තාවන් සිටියත්, කාන්තාවන්ට ඇති බලසම්පන්න කමක්‌ නැත. විඳින දුක්‌ පීඩාවල අඩුවක්‌ ද නැත. මේ රටේ කම්කරු කාන්තාවන් තුට්‌ටු දෙකේ වැටුපකට මහා මිනිසුන්ගේ අතකොළුවන් බවට පත්වන අයුරු බොහෝ කලක සිට අපි අත්දකිමු. ඔවුන්ගේ කුස ගින්දර මොහොතින් මොහොත ගිනි ජාලාවක්‌ සේ ඇවිලෙනවා මිස ඒවා නිවෙන මොහොතක්‌ නැත. එවැනි දැවුණු කුසක මාස දහයක්‌ දැවෙමින් කල් ගෙවන කළලයක්‌ මේ සමාජයට වෛර කරනු හැර වෙන කුමක්‌ කරන්නද? අඩුම තරමේ එම කාන්තාවන්ගේ රීරි මාංශය උරා ගන්නා මේ රටේ ධනේෂ්වර යෑයි පෙන්නාගෙන සිටින උන් ශ්‍රමයට සාධාරණ වැටුපක්‌වත් ගෙවන්නේ ද? එහෙව් සමාජයකට කාන්තා දිනයක්‌... ඇවැසිද....?

ලෝක ආහාර අර්බුදයට අපි සූදානම් යෑයි කීවත් වෙළෙඳපළේ ආහාරවල මිල ගණන් කොබඳු දැයි නොදන්නා කෙනෙක්‌ නැත. මාසික වැටුප වසර හත අටකින්වත් වැඩි නොවුණ නමුදු බඩු මිල පැයෙන් පැයට සීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. එපමණක්‌ නොව බස්‌ ගාස්‌තු, දුම්රිය ගාස්‌තු, ඇඳුම් පැළඳුම්, දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය පාසල් උපකරණයේ සිට සියලු දෑ ආහාර මිලට දෙවැනි නැත. ගෑස්‌ මිල ද ගෑස්‌ පෙන්වද්දී ඒ සියලු දෙයින් අසහනයට පත් වන්නේ නිවසේ ගෘහනියයි. දරුවන් කුසගින්න පවසන්නේ මවට ය. සැමියා ද ඒ බව බොහෝ දුරට ප්‍රකාශ කරනුයේ නිවසේ ගෘහනියට නැතහොත් බිරිඳට ය. කුස ගිනි උහුලමින් දරුවන්ගේ කුස්‌ පිරවූ උත්තරීතර මව්වරු අපේ සමාජයේ අඩු නැත. ඊට සාපේක්‍ෂව කුස ගිනි ඉසිලීමේ හැකියාව වැඩි වුනා මිස ඊට විසඳුමක්‌ ලැබෙන බවත් දක්‌නට තිබේද?

නිවසේ මෙවැනි ගිනි ජාලා නැගෙද්දී, ආර්ථික අර්බුදයෙන් පීඩනය ඉහළ යද්දී ඇයට ද වෘත්තීය ගැහැනියක්‌ බවට පත්වීමට සිදු විය. එයින් වූ හානිය කුස ගින්න අභිබවා යමින් තිබේ. ගෙදරදී ඇය අත්වින්ඳේ කුස ගින්නේ වේදනාව හා නිවසේ අනෙකුත් සාමාජිකයන්ගේ අෙ¹aනා පමණි. එහෙත් රැකියාව සඳහා නිවසින් එළියට බැස්‌ස ගැහැනිය තව කරදර දස දහසක්‌ ඇය වටා රොක්‌ කර ගත්තා නොවේද?

මඟ තොටදී අත් වන පීඩනවලට අමතරව කාර්යාලයේ නිලධාරින්ගේ සිට සේවක පිරිසගෙන් අත්වන හිංසන, පීඩන සුළු පටු නොවේ. වත්මන් සමාජයේ බොහෝ කාන්තාවන් මේ සමාජයේ නරක ම රැකියාවේ නියුතු කරවීමට ඔවුන්ගේ ආර්ථික පීඩනයන් මෙන්ම ඇතැම් කුරිරු මිනිසුන්ගේ තාඩන පීඩන ද හේතු වී තිබේ. කාන්තාවන් එවැනි නීති විරෝධී රැකියාවක නිරතව සිටිය දී නීතියේ රැeහැනට හසු වුවහොත් ඇය ව එවැනි

රැකියාවකට පෙළඹ වූ පිරිමියා නිදොස්‌ කොට නිදහස්‌ කරනු ඇත. ඇප ගෙවීමට සුළු මුදලක්‌ සොයා ගත නොහැකිව සිර ගෙවල්වල නිලධාරී කාන්තාවන්ගේ ම ලිංගික හිංසනයන්ට ගොදුරු වන එවැනි අසරණියෝ සමාජයේ ගැරහුමට ද ලක්‌වෙති. දරු දුක්‌ නිවන්නට එවැනි මගට පිවිසි මව්වරු අවසානයේ සිය දරුවන්ගේ ද දොaෂ දර්ශනයෙන් කම්පාවට පත්වෙති. ගැහැනු සියයක්‌ සමග අනියම් ලිංගික සේවනයේ යෙදුනත් පිරිමියෙකු සම්බන්ධයෙන් සමාජයේ එවැනි ගැරහුමක්‌ නොවීම පුදුමයකි.

අපේ රටේ කාන්තාවන්

රැකියාවලට යොමු වීම නිසා දරුවන් ලිංගික ගොදුරු බවට පත්වීමේ අවදානම ඉහළ ගොස්‌ තිබේ. එහි භයානකම තත්ත්වය වන්නේ පියවරුන් සහ එක කුස උපන් සහෝදරයන් නිසා බාල වයස්‌කාර දරුවන් ගැබ් ගැනීම යි. අතීත ගැමි සමාජයේ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ අපේ ගැමි පවුලක දරුවන්ගේ රැකවරණයට අම්මා දිවා රාත්‍රි ළඟ සිටියා නොවේ ද? මවක්‌ දරුවන් සමග කටුමැටි ගෙදරක දොර අගුල්ලා නිදා ගනිද්දී තාත්තා නිදා ගන්නේ ප්‍රධාන දොරෙන් එළියේ පිළ උඩ තැබූ ලණු ඇඳක ය. එදා අඹු සැමියන් අතර තිබූ බැඳීම දරුවන්ට ඇඟවූයේ නැත. එහෙත් විවෘත ආර්ථිකයත් සමග පැමිණි වසංගත ඔස්‌සේ ලිංගික චර්යාවන් පොදු දර්ශන බවට අද පත්ව තිබේ. පාසල් දරුවන් අතර මෙය ඉතා ම සුලභ රසයක්‌ බවට පත් කිරීමට තාක්‍ෂණය පොහොසත් වී ඇත. මෙවැනි දෙයින් දරුවන් මුදා ගැනීම වත්මන් සමාජයේ දෙමව්පියන් මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නයකි. යම් හේතුවකින් දරුවෙකු නොමග ගියහොත් එහි වරද ද පැටවෙන්නේ වැඩි වශයෙන් මවට ය.

මධ්‍යම හා දිළිඳු පාන්තික පවුල්වල පිරිමි බහුතරයක්‌ වර්තමානයේ ස්‌ථීර රැකියාවල නියුතු නොවීම කාන්තාවන් මුහුණ පාන්නා වූ තවත් අර්බුදයකි. එක්‌කෝ ඔවුහු දේශපාලනඥයන් පසුපස යන්නෝය. නැත්නම් මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් පසුපස යන්නෝය. එසේත් නැතහොත් බොරු කයිවාරු කාරයෝ ය. ස්‌ථිර මාසික වැටුපක්‌ සැමියාගෙන් නොලැබෙන නිසා රැකියා නොමැති කාන්තාවන් වැඩි දෙනෙකුට ද ස්‌වයං රැකියාවල නියුතුවීමට සිදු වී තිබේ. දරුවන් හදා වඩා ගැනීමටත් වඩා පාසල් යන දරුවන් වෙනුවෙන් දැරීමට සිදුවී ඇති වියදම අති විශාල ය. රජයේ පාසල්වල ද විටින් විට නොයෙක්‌ වියදම් යෑයි කියමින් දෙමව්පියන්ගෙන් මුදල් කඩා වඩා ගන්නා අයුරු පිළිබඳ මැසිවිලි අඩුවක්‌ නැත. පාසල් යන වයසේ දරුවකුගේ වියදම එක වැටුපකට උසුලා ගැනීමට නොහැකි තරම් ය. නිදහස්‌ අධ්‍යාපනයට සිදුවී ඇති මේ ව්‍යසනයේ පීඩනයෙන් දුක්‌ විඳින්නේ පියවරුන්ටත් වඩා මව්වරුන් ය.

කාන්තාවන් රැකියාවල නියුතු වීමත් සමග දරුවන් හදා වඩා ගැනීමේ අර්බුදයද ඉහළ ගොස්‌ තිබේ. උපයන වැටුපට සාපේක්‍ෂව මෙහෙකරුවන්ට අමතර මුදලක්‌ ගෙවීමට නොහැකිය. ඒ ගෙවීම කෙසේ හෝ සපුරා ගත්තත් විශ්වාසනීය මෙහෙකරුවන් සොයා ගැනීම ඊට වඩා ගැටලුවකි. මෙහෙකරුවන් සමග නිවෙස්‌වල හුදෙකලා වූ දරුවන්ට සිදු වූ අතවර, හිංසන පිළිබඳ ප්‍රවෘත්ති ඕනෑ තරම් ඇත. අනෙක්‌ අතින් වැඩිහිටි දෙමව්පියන්ට සිය ජීවිතවල මහලු කාලය නිදහසේ ගත කිරීමට නොහැකි වී තිබේ. බැරි මරගාතේ දරුවන්ගේත් දරුවන් රකින මහලු මව් පියවරු කොතෙක්‌ සිටී ද... ඔවුන්ගේ ලෙඩ දුක්‌ බලන්නට තම දරුවන් ළඟ සිටිය යුතු කාලයේ ඔවුන් සිදු කරන්නේ තමන්ගේ ලෙඩ දුක්‌ අමතක කර දරුවන්ගේ දරුවන් රැකබලා ගැනීමය. එවැනි මවුවරු සිටින දූවරු එක්‌ අතකින් සැනසීමේ රැකියාවල නිරතව සිටිනු ඇත. එහෙත් දවස පුරා මවුපියන්ගේ උණුසුමින් ඈත්ව සිටින දරුවන් එහි පළිය ගන්නේ රැකියාව නිම වී දෙමව්පියන් නිවෙස්‌ කරා ගිය පසුය. දවස පුරා කාර්යාලයේත්, මග තොටත් පීඩා විඳි ගැහැනියට නිවසට ගියත් නින්දට යනතුරු සැනසීමක්‌ නැත.

සිංහල ගැමි සමාජයේ මව යනු උතුම් වස්‌තුවකි. පුරුෂාධිපත්‍යය ඇති සමාජ ක්‍රමයක්‌ අපට තිබුණ ද පවුලක තීරණ තීන්දු ගන්නී ගැහැනිය යි. දරුවන්ගේ හා පවුලේ පොදු කාරණාවකදී ඊට පිරිමියා එකඟ කර ගැනීමේ අපූරු හැකියවක්‌ අපේ ගැමි ගැහැනිය සතුව තිබිණි. ඇය නිරතුරුව සමාජයේ ගෞරවයට පාත්‍ර වූවා ය. එහෙව් සමාජයකට පිට රටවල කුණු කන්දල් ගලා ඒමට ඉඩ දුන් නිවටයෝ කවුරුන් ද?

එදා විලි බිය ඇතිව නිවසේ සිරියා කාන්තාව බවට පත් වූ කාන්තාව අද විලි බිය නැතිව මහා සමාජයේ අපහාස විඳින අයුරු අපි සංවේගයෙන් යුතුව බලා සිටිමු. පොදු සමාජයට විවෘත වූ ගැහැනියගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා උපයන වැටුප ප්‍රමාණවත් නොවන තරම් ය. වරින් වර ගැහැනුන් රවටන විලාසිතා ප්‍රවේශයන් ඔවුන්ගේ මාසික වැටුපට තර්ජනයක්‌ පමණක්‌ නොව සාප්පු සවාරි ගානේ යවමින් කාන්තාවන්ගේ කාලය කා දැමීමට ද සමත් වනු ඇත. නිවාඩු දවසක දී වත් නිවසේ දරුවන් සැමියා සමග සතුටින් ගත කිරීමට ඇති කාලය විනාශ කර දමමින් ඇය සාප්පු සවාරි යන්නීය. ඇතැම් කාන්තාවන් මේ වෙනුවෙන් සිය සැමියාගේ කාලය හා මුදල් ද උකහා ගැනීමට සමතෝ ය.

කාලාන්තරයක්‌ මෙකී රටාවට හුරු වන ගැහැනියට දරුවෙකු ගැනවත් සිතා නිවසේ නතර වීමට නොහැකි තරමට මේ සමාජය ඇයගේ සිතුවිලි හා චර්යාවන් උඩු යටිකුරු කර තිබේ. ළිඳේ වැටුණු මිනිසා ළිං කටෙන් ම ගොඩට පැමිණිය යුත්තා සේම මේ සමාජ ක්‍රමයට ම ආවඩමින් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට ඇය ධෛර්යවන්ත විය යුතුය.

සිය වැනි කාන්තා දිනයේ දී වත් කාන්තා හිංසන, අසාධාරණකම්, දුක්‌ පීඩා පිළිබඳ විඳවීම වෙනුවට ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගැනීමට සමස්‌ත ශ්‍රී ලාංකික කාන්තා සංහතියම අදිටන් කර ගත යුතුය. ඊට පිරිමි පාර්ශවයේ උපරිම සහයෝගය අත්‍යවශ්‍ය වේ.

තුෂාරී කළුබෝවිල