Warmly Welcome

අප විද්‍යාලයේ වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි.

Monday, February 28, 2011

දුෂනය කිරීමේ හා ළමා අපචාර පිළිබද පැමිණිලි කිරීම


පියවර 01: පැමිණිලි කරන්නා නඩුව පිළිබදව දුරකථනයෙන් හෝ පැමිණ හෝ කාන්තා හා ළමා කාර්යාංශය වෙත දන්වයි
පියවර 02: විනාඩි 10 ක් තුලදි පොලිස් නිළධාරින් සිද්ධිය වු ස්ථානය වෙත පැමිනේ
පියවර 03: පොලිස් නිළධාරින් පැමිණිල්ල සටහන් කරගෙන බී ආකෘති පත්‍රය නිකුත් කරයි
පියවර 04: අදාල පොලිස් නිළධාරින් පළමුව තුවාලකරුවන් රෝහල වෙත රැගෙන යයි
පියවර 05: රෝහලෙහි අධිකරණ වෛද්‍ය නිළධාරි පීඩාවට ලක්වු අය පරික්ෂා කර බලයි

සටහන 01: එය ළමා අපචාර පිළිබද නඩුවක් නමි පොලිස් ස්ථානයෙහි කාන්තා හා ළමා අංශය විසින් නිකුත් කරනු ලබන වෛද්‍ය නීති පරික්ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිළධාරි හා පොලිසිය විසින් සමිපුර්ණ කල යුතුය

සටහන 02: බරපතල ගෘහස්ථ හිංසාවක් නමි වරදකාර පාර්ශවය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැ‍ෙබ්.

පියවර 06: අදාල සිද්ධියට සමිබන්ධ සියළුම පුද්ගලයන් පොලිසිය විසින් පොලිස් ස්ථානය වෙත කැදවනු ලබයි.
පියවර 07: පොලිසිය ගැටළුව සමථයකට පත් කිරිමට උත්සාහ කරන අතර එසේ කල නොහැකි වු විට එම ගැටළුව සමථ මණ්ඩලය වෙත යොමු කරයි.
පියවර 08: සමථ මණ්ඩලය ගැටළුව සමථයකට පත් කිරිමට උත්සාහ දරණ අතර එය කල නොහැකි නමි ගැටළුව අධිකරණයෙහි නඩුවක ලෙස ගොනු කරනු ලැ‍බේ.

අවශ්‍ය සුදුසුකම්
දුෂණය හෝ ළමා අපචාරය පිළිබද සාක්ෂි පීඩාවට ලක්වු අය හෝ පැමිණිලිකරන්නා සතුව තිබිය යුතුය.

ඉදිරිපත් කිරි‍මේ ක්‍රියා පරිපාටිය

පැමිණිලි කිරීම
කාන්තා හා ළමා අපචාර කාර්යාංශය වෙත දැක්විය යුතුය.
පොලිසිය පැමිණිල්ල සටහන් කරගෙන පැමිණිලි කරන්නා වෙත බී ආකෘතිය නිකුත් කරයි.

වැඩ කරන වේලාවන්
පැය 24/සතියේ දින 7/වසරේ දින 365


ආකෘතිය
මහජනයා විසින් සමිපුර්ණ කල යුතු ආකෘති පත්‍ර නොමැත.


සටහන
සිය අභිවෘද්ධිය සදහා පැමිණිලි කරන්නා නොපමාව අදාල අංශය වෙත දැක්විය යුතුය

පිඩාවට ලක්වු අය සදහා වැදගත් වන තොරතුරු
ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිම  පිළිබදව පුද්ගලයන් අත් අඩංගුවට ගැනිමට පොලිසියට නොහැකි වන නමුත් තුවාල සිදුවි ඇති අය සිටි නමි පිඩා කල අය අත් අඩංගුවට ගැනිමට කටයුතු කෙරේ අදාල පුද්ගලයාට කම්කරැ කර්යාලය මගින් නඩු පවරනු ලැබේ.
ඉල්ලා සිටින විටදි මෙම අංශය විසින් නොමිලයේ නීතිඥවරයකු සපයනු ලැ‍ෙබ්
එවැනි තත්වයකට මුහුණ පා ඇති කවර අයෙකු වෙත සියළුම සේවාවන් නොමිලයේ සැපයේ
කිසියමි පුද්ගලයෙකු සාවද්‍ය තොරතුරු සපයමින් අදාල අංශය නොමග යැවිමට උත්සහා කරයි නමි ඔහුට/ඇයට එරෙහිව අධිකරණය විසින් කටයුතු කරනු ලැ‍බේ.
වයස අවුරුදු 18 ට අඩු ළමුන්ට විවාහ විමට අවසර දෙනු නොලැ‍ෙබ්      (දෙමාපියන්ගේ කැමැත්තකින් තොරව)


ඉල්ලූමිපත්‍රය
මෙම සේවාව සදහා පීඩාවට ලක්වු අය විසින් සමිපුර්ණ කල යුතු ආකෘති පත්‍ර කිසිවක් නොමැත

සේවාව සදහා ගතවන කාල සීමාව

සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
තත්වය අනුව වෙනස් වේ


ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
පොලිස් ස්ථානය - 24/7/දින 365

වලංගු කාල නියමය
අත්අඩංගුවට ගත් සැකකරුවකු  පැය 24 ක් ඇතුලතදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කල යුතුය.

සේවාව සදහා වැයවන මුදල
මෙම සේවය සදහා කිසිදු මිළක් අය නොකෙරේ.

දඩ හා වන්දි මුදල 
මෙම සේවයට අදාල නො‍වේ.

අවශ්‍ය සනාථ කරන ලියවිලි
ළමා අපචාර පිළිබද පීඩා ලැබුවකු විසින් ඉදිරිපත් කල යුතු සනාථ කරන ලියවිලි
උප්පැන්න සහතිකය
ස්ත්‍රි දුෂණය පිළිබද පීඩාවට ලක්වු අයෙකු විසින් ඉදිරිපත් කල යුතු සනාථ කරන ලියවිලි
ජාතික හැදුනුමිපත
විවාහ සහතිකය (විවාහක නම්)

සේවා වගකිමි නියමයන්
පොලිස් ස්ථානය

පොලිස් ස්ථානයෙහි ළමා හා කාන්තා අංශයෙහි කාර්ය භාර නිළධාරි
පොලිස් ස්ථානයෙහි කාර්ය භාර නිළධාරි

සටහන
සියළුම ළමා අපචාර නඩු අධිකරණය වෙත ඉදිරිපත් කල යුතුය


විශේෂ අවස්ථා
මෙම සේවය සදහා අදාල නො‍වේ.

ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘති
මෙම සේවය සදහ අදාල නො‍වේ.

ආයතනයේ තොරතුරු

පොලිස් දෙපාර්ත‍මේන්තූව
පොලිස් මූලස්ථානය
කොළඔ 01.

මාධ්‍ය ප්‍රකාශක, ප්‍රිශාන්ත ජයකොඩි මහතා.
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:police@police.lk
වෙබ් අඩවිය: www.police.lk

ජලජ පැළෑටිවල වැදගත්කම


කඳු හෙල් වන ලැහැබ පසු කරමින් අවට සිරියාව වඩවන සිසිලසින් ගලා බසින ගංගා, ඇළ දොළ, දිය ඇළි මෙන්ම වැව් අමුණු අප අවට පරිසරයේ සුන්දරත්වය වඩවන අංගයන්ය.

මෙකී දිය දහරාවන්ගෙන් පහස ලැබ පෝෂණය වන ජලය ආශ්‍රිත විවිධ පැළෑටි වර්ග මේ පරිසරයේ අනිවාර්ය අංගයකි. නොයෙකුත් ආකාරයෙන් වර්ධනය වන මේ ජලජ පැළෑටි සමහරක්‌ මුළුමනින්ම ජලය තුළ වර්ධනය වන ඒවාය. සමහර ඒවා පාවෙමින් වැඩෙන අතර ඇතැම් පැළෑටි මුල් මගින් ජලය සහිත පතුලට සවිවී පාවෙන පත්‍ර සහිතව වැඩෙයි. ගොඩබිම හා ජලය යන පරිසර දෙකට අතරමැදි එනම් උභයජීවි තත්ත්ව යටතේ හටගෙන වර්ධනය වන පැළෑටි ද මේ යටතට ගනු ලබන තවත් කොටසකි.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක්‌ වන අතර මෙහි පවතින දේශගුණික තත්ත්වයන්හි ජලජ පැළෑටි ඉතා ඉහළ සංඛ්‍යාවක්‌ සාර්ථක ලෙස වර්ධනය වන අතර සීඝ්‍රයෙන් බෝවීමද සිදුවේ. ඒ නිසාම විවිධ අවස්‌ථාවන්හිදී විදෙස්‌ රටවලින් අප රටට ගෙන එන ලද ජලජ පැළෑටි රාශියක්‌ අද වන විට ආක්‍රමණශීලී වල් පැළැටි බවට පත්ව ඇත.

එසේ වුවද ජලජ පරිසරයේ වැඩෙන ශාක විවිධ පාරිසරිකමය සහ ආර්ථිකමය වශයෙන් වැදගත් වීම නිසා ඒ පිළිබඳ දැනුවත් වීම අප සැමට ප්‍රයෝජනවත් දෙයකි.

ජලාශ්‍රිත ස්‌වභාවික පරිසරයන්හි ජලජ පැළෑටි වර්ග එහි වාසය කරන්නාවූ ජීවීන් හට සලසන මෙහෙය අති මහත්ය. ජීවින් හට වාසස්‌ථාන සපයා දීමත් විලෝපික සතුන්ගෙන් සහ අතැම්විට ලාබාල ජලජ ජීවීන් තම මව් සතුන්ගෙන් ආරක්‍ෂා වීමටත් ජලජ පැළෑටි ඉවහල් වේ.

ජලජ ශාක මගින් එහි වෙසෙන ජීවින් හට සෙවණ සැපයීමක්‌ සිදුවීම ද තවත් එක්‌ වැදගත් කමකි. විශේෂයෙන්ම දිය ගෝවා, ජපන් ජබර, ඇසොල්ලා ආදිය මගින් මෙසේ ජලය තුළ ජීවත්වන්නා වූ ජීවීන් දැඩි හිරු එළියෙන් පීඩා විඳිමෙන් වලක්‌වා ගනී.

ජල මට්‌ටමෙන් මතුපිටට වැඩී පවතින ශාක විවිධ ජීවින් හට වාසස්‌ථාන සකසා ගැනීමට ඉවහල් වේ. විශේෂයෙන්ම පන් වර්ග ආදී ශාක ආශ්‍රිතව ජලාශ්‍රිත පරිසරයන්හි වෙසෙන පක්‍ෂි වර්ග තම වාසස්‌ථාන නිර්මාණය කරන අයුරු අප කොතෙකුත් දැක ඇත.

ජලය තුළ හා ජලයෙන් මතුපිටට වැඩෙන නොයෙක්‌ ජලජ පැළෑටි එම පරිසරයේ පාංශු ඛාදනය වැළැක්‌වීමට දායක වේ.

උදා(- අතුඩියන්. කෙටල, කෙකටිය, ආදිය ගංගා ඇළ, දොළ, වැව් ඉවුරු ආදියේ පස්‌ සෝදාගෙන යාම මඟ හැරවීමට වැදගත් වේ.

වතුරෙහි දියවී ඇති විවිධ පොහොර වර්ග, රසායනික ද්‍රව්‍ය මෙම පැළෑටි මගින් තම වර්ධනය සඳහා උරා ගන්නා නිසා ඉබේම ජල තත්ත්වය ඉහළ නැංවීම සිදුවේ. ඊට අමතරව ඇතැම් ජලජ පැළෑටි විෂ රසායනික ද්‍රව්‍ය උරා ගැනීමේ හැකියාව පවතින බව මෑදකදී සොයා ගැනීමත් සමග ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ දී භාවිතයට ගැනීම සිදු කෙරේ. ජපන් ජබර, දිය සරුප, ලේන වලිග ආදිය එසේ විෂ ද්‍රව්‍ය අවශෝෂණය කිරීමේ හැකියාව ඇති ජලජ පැළෑටි කිහිපයකි.

ජලජ පැළෑටි බොහොමයක්‌ විවිධ ආකාරයේ අලංකරණ කටයුතු සඳහා භාවිත වේ. ඉන් ප්‍රධාන තැනක්‌ ගනුයේ මත්ස්‍ය ටැංකි අලංකරණය සඳහා භාවිතා වීමයි. ඊට අමතරව ගෙවතු අලංකරණයේ දී නිර්මාණය කරන පොකුණු, දිය ඇළි ආදිය සඳහා මෙන්ම අභ්‍යන්තර ගෘහ අලංකරණ කටයුතු සඳහා ද මේවා විවිධ ලෙස භාවිතා වේ. මේ හේතු නිසා දෙස්‌ විදෙස්‌ ඉල්ලුම දිනෙන් දින ඉහළ යන අතර ස්‌වභාවික පරිසරයන්හි ඉබේ වැඩෙන පැළෑටි ද ඇතැම් විට ගලවා ඉවත් කිරීම සිදුවේ. එහි අනිසි ප්‍රතිඵලය වී ඇත්තේ අපගේ ස්‌වභාවික පරිසරයේ සමතුලිතතාවය ඉන් බිඳ වැටෙන අතර අප රටට ආවේණික පැළෑටි හා ජලජ ජීවින් විනාශ වී යැමට එය හේතුවීමයි. එබැවින් මෙම තත්ත්වය හමුවේ ජලජ පැළෑටි තවාන් තුළ වගා කිරීම දිරිගැන්වීම සිදු කළ යුතුය. එමෙන්ම අපනයනයේදී අවසරය ඇත්තේ මෙසේ තවාන් තුළ වගාකර ලබාගන්නා ජලජ පැළෑටි සඳහා පමණි.

සමහර ජලජ පැලෑටි ඉහළ ඖෂධීය වටිනාකමකින් යුක්‌ත වන නිසා දේශීය වෙදකම් සඳහා භාවිත වේ, එසේම නොයෙකුත් ඖෂධ වර්ග නිපදවීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය නිස්‌සාරණය කර ගැනීමට ද ඖෂධීය ජලජ පැළෑටි යොදා ගැනේ. උදාහරණ ලෙස අතුඩියන්, ලුණුවිල. වදකහ සහ කොහිල ආදී ඖෂධීය ශාක නම් කළ හැක.

ජලජ පැළෑටි විවිධ සතුන් හට මෙන්ම මිනිසාට ද ආහාරයක්‌ ලෙස වැදගත් වන අවස්‌ථා බොහෝය. සතුන් තම ආහාර ලෙස ජලජ පැළෑටි වල විවිධ කොටස්‌ භාවිත කරති. එසේම කෙකටිය. කොහිල, ලුණුවිල, කංකුං, දියබෙරළිය ආදි ජලජ ශාක අතීතයේ සිට ම මනුෂ්‍ය ආහාරයක්‌ ලෙස පරිභෝජනයට ගැනීම සිදු වේ.

මේ ආදී වූ විවිධ වැදගත්කම්වලින් යුතු වුවද ජලජ පැළෑටි විශාල වශයෙන් ජලාශ්‍රිත පරිසරවල ව්‍යාප්ත වීමෙන් විවිධ පාරිසරික ගැටලු ඇතිවීම සිදුවන බැවින් ඇතැම් ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය වැළැක්‌වීමට ද වග බලා ගත යුතුය. ජපන් ජබර, සැල්වීනියා, දිය සරුප, දිය හවරිය ආදිය ජලාශ වල ඉතා විශාල ලෙස බෝවීම සිදුවන අතර ඒවා විනාශ කිරීම අසීරු කටයුත්තක්‌ ව ඇත. ජලජ පරිසර වල නිදැල්ලේ පවතින පොහොර ප්‍රමාණයන් හැකිතාක්‌ අවම මට්‌ටමක පවත්වා ගැනීමත්, ජෛව පාලන ක්‍රම මගින් මෙම කරදරකාරී පැළැටි වර්ග විනාශ කිරීමත් සිදු කළ යුතුය.

කෙසේ වුවද ජලජ පරිසරයන්හි තුලිතතාවයට වැදගත් වන ජලජ පැළෑටි මෙන්ම අප රටට ආවේනික කෙටල, කෙකටිය සහ අතූසියන් වර්ග වඳවී යැමට ඉඩ නොදී සංරක්‍ෂණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමද කාලීන අවශ්‍යතාවකි.

මනෝරි බඹරැන්ද
ජලජීවී විද්‍යාඥ,
විසිතුරු මත්ස්‍ය අභිජනන සහ
පුහුණු මධ්‍යස්‌ථානය,
රම්බඩගල්ල, පානගමුව.

බුදුහාමුදුරුවෝ සිංහල බෞද්ධයන්ට පමණක්‌ ද?


මෙම වසරට යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති වැඩපිළිවෙළ සමගම විවිධ පුද්ගලයන් අසන ප්‍රශ්න කීපයක්‌ ඇත. බුදුහාමුදුරුවෝ සිංහල බෞද්ධයන්ට පමණක්‌ ද? බුද්ධාගම සිංහල බෞද්ධයන්ට පමණක්‌ ද? දෙමළුන්ට චීවරයේ සෙවණ අහිමි ද? යනු එවැනි ප්‍රශ්න කීපයකි. මේ සියලු ප්‍රශ්නවල අරමුණ සිංහල බෞද්ධයන්ට පහර ගැසීම මිස වෙනත් දෙයක්‌ නොවෙයි. බුදුහාමුදුරුවන් අපිට පමණක්‌ අයිතිය. බුද්ධාගම අපට පමණක්‌ය දෙමළුන්ට චීවරයේ සෙවණ හිමි නැතැයි කියන හෝ සිතන සිංහල බෞද්ධයෙක්‌ හෝ සිංහල බෞද්ධ භික්‍ෂුවක්‌ නොමැත. එසේ නම් මෙවැනි ප්‍රශ්න නිර්මාණය කිරීමේ අරමුණ කුමක්‌ ද? මේවා ඉතා සියුම් ලෙස සැලැසුම් කර ඉදිරිපත් කරන්නේ සිංහල බෞද්ධ විරෝධීන්ය. විශේෂයෙන් බුදු දහමට එරෙහිවූවන්ය. ඇතැම් සිංහල බෞද්ධයෝ ද කිසිදු වග විභාගයකින් තොරව ඔවුන්ගේ කියමන් එලෙසින්ම උච්චාරණය කරති. අනාගත ලෝකයේ ඉතිරිවන එකම දහම බුදු දහම බවත් අනෙකුත් ආගම් විනාශ වී යන බවත් ශ්‍රේෂ්ඨ විද්‍යාත්මක අනාවැකි ඉදිරිපත් කළ කෙනෙක්‌ වූ ආතර් සී. ක්‌ලාක්‌ මහතා පවසා ඇත. ඔහුගේ "ගැඹුරු මුහුද"  නමැති කෘතියෙහි 253, 254 පිටුවල මෙසේ සඳහන් වෙයි.

"ඩාවින්ගෙන් ෙµ්‍රdයිඩ්ගෙන් වැදුණු මරු පහරින් කවදාවත් නැඟී සිටීමට ඉඩ නොලැබෙන ලෙස බිඳවැටුණු කිතු සමය විසිවැනි සියවසේ අවසාන භාගයේ දී ඇති වූ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් නිසා බලාපොරොත්තු රහිතව අවසාන වරට බිඳවැටිණි. අරුම පුදුම දෙවි දේවතාවුන්ගෙන් සැදුණු හින්දු ආගම විද්‍යාත්මක බුද්ධිවාදය පිළිගත් යුගයක දී නොමැරී සිටීමට අපොහොසත් විය. ඉස්‌ලාම් ආගම ද එම බලවේගයෙන්ම දුබල විය. ඩාවින්ගේ උදාවන තරුව මහමුද්ගේ දුබල අඩ සඳ අභිබවා බැබළෙන්නට වූ හෙයින් ඉස්‌ලාම් ආගමට කලින් තිබුණු ගරුත්වය තවදුරටත් පිරිහී ගියේය."

"අනෙක්‌ සියලුම බලසම්පන්න ආගම් විනාශ කළ හදිසි පහරවල් බුදු සමය කෙරෙහි බලනොපැවැත්වීය. අභ්‍යන්තර ශාසන ශෝධන වලින් පිරිසිදු කරන ලද බුදු සමයේ මූලික ධර්ම තවමත් නොනැසී පවතී."

මෙවැනි විද්වත් ප්‍රකාශ මෙන්ම බුදු සමයේ සත්‍යතාව හා ප්‍රායෝගික බව නිසා නව සොයා ගැනීම් සමග බදුදහම තව තවත් බැබළීමට පත්වෙයි. එහෙත් බුදු සසුනට එනම් භික්‍ෂුන් වහන්සේ, ගිහි බෞද්ධයන්, බෞද්ධ සිද්ධස්‌ථාන, බුද්ධ ධර්මය හා පිළිවෙත්වලට පහර ගසා ඒවා විනාශ කළ විට හෝ යටපත් කළ විට බුදු දහමේ බැබළීම ද යටපත් වී යනු ඇත. ඒ සඳහා ලොව පුරාම විවිධ බලවේග ක්‍රියාත්මක වෙයි. අප රටෙහි ද මිසදිටු බලවේග මෙන්ම එම බලවේග වලට අසු වූ නාමික බෞද්ධයන් ද ඒ සඳහා පෙළ ගැසී සිටින බව පෙනෙයි.

සියලු ආගම් එකය. "පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල්වෙන්නේ එකම පහන, යෑයි කියමින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන්ගේ කාලයේ නිර්මාණය කරන ලද සර්වාගමික වැඩ පිළිවෙළේ අරමුණ ද අන් කිසිවක්‌ නොව බුදු සසුන අනෙකුත් ආගම් තුළ දිය කර හැරීමයි. මෙහි දී ඇතැම් පඬියන් බුදු දහම නැති කළ නොහැකි යෑයි කියනු ඇත. එය සත්‍යයකි. බුදු දහමේ මූලික හරයන් බුදු කෙනෙක්‌ ඇතිව ද, නැතිව ද පවතින බව බුදුරජාණන් වහන්සේම දේශනා කර ඇත. එහෙත් බුදුරජාණන් වහන්සේ විසින් තම නුවණ මෙහෙයවා සොයා ගෙන ඉදිරිපත් කරන ලද බුදු දහම ආරක්‍ෂා වනුයේ ඒ සඳහා වැඩපිළිවෙළක්‌ ඇතොත් පමණි. එය රැකගන්නා පිරිසක්‌ සිටියොත් පමණි.

ඉතිහාසය විමසා බැලුවොත් පෙනෙන පැහැදිලි සත්‍යය නම් බුදු සසුන රැකගනු ලැබුවේ සිංහල දේශයේ සිංහල බෞද්ධයන් විසින් බවයි. විවිධාකාරයෙන් විවිධ පුද්ගලයන් එළිපිට හා සූක්‍ෂම ලෙස සිංහල බෞද්ධයන්ට පහර ගසා ඔවුන් වැරැදිකරුවන් කර සිංහල බෞද්ධ පදනම බිඳ හෙළීමට උත්සාහ දරනුයේ බුදු සසුන විනාශ කරලීමේ අරමුණ මතයි. වර්තමානයේ බෞද්ධ ජනගහනය වැඩිම රටවල් වන මියන්මාර් හා සියමය වැනි රටවලට ද බුදු සසුන රැගෙන ගියේ සිංහල දේශයෙනි. කෝට්‌ටේ යුගයේ දී ඥනගම්භීර නම් හිමිනම ප්‍රධාන පිරිසක්‌ මෙරට පැමිණ පිවිතුරු බුදු සසුන සියමට හා මියන්මාර් දේශයට (බුරුමයට) රැගෙන ගිය බව සියම් ඉතිහාස කතාවේ ද සඳහන් වෙයි. බුදු දහම හා බුදුහාමුදුරුවන් මෙන්ම බුදු සසුන ද සිංහල බෞද්ධයන්ට පමණක්‌ අයිති නොවන බව සත්‍යයකි. එහෙත් එම දහම, සසුන රැක ගත්තේ මෙරට සිංහල බෞද්ධයන් බව ද සත්‍යයකි. ඒ නිසා සත්‍ය දහමට ගරු කරන ලොව කවරම කෙනෙක්‌ වුවද කළ යුත්තේ එම සසුන හා දහම රැකගත් සිංහල බෞද්ධයනට ගරු කිරීමයි. "ඉන්දියාව මිහිඳු හිමියන් මගින් ලබා දුන් දායාදය රැකගැනීම පිළිබඳ සිංහල බෞද්ධයන්ට ඉන්දියාව ණය ගැති" යෑයි මහාචාර්ය භරත සිංහ උපාධ්‍යාය විද්වතාණන් සිය "පාලි සාහිත්‍යකා ඉතිහාස්‌" නමැති කෘතියෙහි සඳහන් කරන්නේ ද ඒ නිසයි.

"2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු" යනුවෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් මුද්‍රණය කොට බෙදාහරින ලද කෘතියේ පූර්විකාවෙහි මෙසේ සඳහන් වෙයි. "වසර දෙදහස්‌ තුන්සීයක්‌ මුළුල්ලේ ලංකාවේ සමාජයීය හා සංස්‌කෘතික පරිසරය සෘජුවම පෝෂණය වූයේ බුදු සමයේ ආභාසය ලබාගෙනය. 15 වැනි සියවසේ පටන් (ඊටත් කලින් පොළොන්නරු යුගයෙහි දී චෝළයන් විසින් කරන ලද විනාශය ද මීට ඇතුළත් විය යුතුව තිබිණි) මෙරට සිදු වූ පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසි ආක්‍රමණික යුගවල දී මෙරට විසූ බෞද්ධ ජනතාව සහ බෞද්ධ සංස්‌කෘතික පරිසරය සූක්‍ෂම උපාය මාර්ගවලින් ද, බලහත්කාරයෙන් ද වෙනස්‌ කරන්නට නොයෙක්‌ උපාය මාර්ග යොදනු ලැබීය. එහෙත් බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ දැඩි ආගමික ශ්‍රද්ධාවත්, දේශානුරාගයත් නිසා එකී ප්‍රයන්ත සාර්ථක වූයේ නැත. එදාටත් වඩා සියුම් වූ උපක්‍රම භාවිත කරමින් ඒවා නැවතත් හිස ඔසවන්නට පටන්ගෙන ඇත..... මෙබඳු වූ බලවේගයන්ගේ සෘජුවූත් චක්‍රවූත්, අරමුණ මෙරට බුද්ධශාසනයත් ඒ හා බැඳුණු සංස්‌කෘතික උරුමයත් විනාශ කිරීම බව අප නුවණින් තේරුම්ගත යුතුය.

මෙසේ බුදු සසුනට එරෙහි කුමන්ත්‍රණ පිළිබඳ සඳහන් කරන අතරම ඒ සඳහා ප්‍රජා මූල කමිටු ඇතුළු වෙනත් කමිටු පිහිටුවීම පිළිබඳවද එම කෘතියෙහි සඳහන් කර ඇත. ඒ සමගම ග්‍රන්ථයෙහි 33 වැනි පිටුවෙහි අන්‍යාගමික කමිටු පිහිටුවීම පිළිබඳ සඳහන් කරන අතරම "මෙම කාර්යභාරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී අභියෝගාත්මක වැඩපිළිවෙළක්‌ විය හැකි ලෙස ද හඳුනාගත යුතු වේ. "2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු යන විශේෂ ශීර්ෂ පාඨය යථාර්ථවාදී කරමින් අන්‍යාගම් වන හින්දු, ඉස්‌ලාම්, කතෝලික, ක්‍රිස්‌තියානි ආගම් සඳහා දිස්‌ත්‍රික්‌ කමිටු පිහිටුවනු ලැබේ" යනුවෙන් දක්‌වා ඇත. මෙවැනි වැඩ පිළිවෙළක්‌ යෝජනා කිරීමේ අරමුණ කුමක්‌ ද? එක්‌කෝ මෙය සකස්‌ කළ අය ඔවුන්ගේ නොදැනීම නිසා කළ දෙයකි. එසේ නැතිනම් මෙම කෘතියෙහි මුලින්ම සඳහන් කළ සූක්‍ෂම කුමන්ත්‍රණකාරයනට හසුවීමකි. එසේත් නැතිනම් දැන දැනම හිතාමතාම බුදු සසුනට නිගා කිරීම හෝ හානි කිරීම සඳහා යෝජිත වැඩපිළිවෙළකි.

සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අන්‍යාගමික කමිටු පිහිටුවීමේ අයෝග්‍යතාව බුදු සසුන පිළිබඳ යම් ශ්‍රද්ධාවක්‌ ඇති කෙනකුට වුවද වැටහී යා යුතුය. අන්‍යාගම් අදහන සාමාන්‍ය ජනතාව තුළ බොහෝ විට බෞද්ධයන්ට එරෙහි ක්‍රියාදාමයන් නැතත් එම ආගම්වල මූලික කාරකාදීන් එළිපිටත්, සූක්‍ෂම ලෙසත් බෞද්ධයන්ට හා බුදු සසුනට එරෙහිව මෙරට තුළ ක්‍රියා කරන බව ඉතා පැහැදිලි කරුණකි. එසේ තිබිය දී මෙවැනි වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කිරීම ගැන අප ඇසිය යුත්තේ "මේවා සැලැසුම් කළේ මොන මෝඩයාද? මොන ෙද්‍රdaහියෙක්‌ද?" යනුවෙනි. මේවා මෙසේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන අය මෙන්ම අනුමත කරන අයද නිසි අවබෝධයක්‌ නොමැතිව හෝ අවබෝධයෙන් යුතුව හිතාමතාම කුමන්ත්‍රණකාරීව ක්‍රියා කරන බව පැහැදිලිවම කිව යුතුය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වැනි වගන්තියේ සඳහන් වෙන බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දිය යුතුය. බුද්ධශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කළ යුතුය යන අදහස මෙරට කිසිවකු විසිනුත් අනුල්ලංඝනීය වූ සම්මුතියකි. ඊට අනුගතව බුද්ධ ශාසනයට බෞද්ධ භික්‍ෂූන්ට හා බෞද්ධයන්ට මෙරට රජය වැඩිපුර සැලකිලි දැක්‌වීම පිළිබඳ කිසිවකුටත් එරෙහි විය නොහැක. එසේම කවුරුන් හෝ "අපි එක ආගමකට වැඩිපුර සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැත. සියලු ආගම් එක සමානය" යනුවෙන් ප්‍රකාශ කරතොත් එයද ඉහත සම්මුතියට පටහැනි වූවකි. සාමාන්‍ය ජනතාවටත් වඩා මේ පිළිබඳ රජයේ මැතිඇමැතිවරුන් හා නිලධාරීන් හොඳින් වටහාගත යුතුව ඇත.

කළ යුතුව ඇත්තේ මෙවැනි අවුල් කිරීම් නොව බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමත් මුළු ලෝකයේම සාධාරණ බුද්ධිමතුන් මෙන්ම පොදු ජනතාව ද අපෙන් එනම් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බුදු දහම ඔවුන්ට ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමත්ය. ඒ සඳහා විදේශීය භාෂාවලින් දහම කියා දිය හැකි භික්‍ෂූන් වහන්සේ මෙන්ම ගිහියන් ද පුහුණු කළ යුතුය. ඒ සමගම රට තුළ බුද්ධශාසනයට එරෙහිව ක්‍රියාත්මක වෙන අන්‍යාගමික හා අන්‍ය ජාතික බලවේගවලට ඉඩ නොදීමටද මැතිඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතුය. එවැනි වැඩපිළිවෙළකින් තොරව "2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු" යෑයි පොත් මුද්‍රණය කළාට දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කළාට ප්‍රයෝජනයක්‌ වන්නේ නැත. ශ්‍රී ලංකාව බහු ආගමික රටක්‌ නොවේ. සත්‍ය වශයෙන්ම කියතොත් වසර දෙදහස්‌ ගණනක්‌ තිස්‌සේ සිංහල බෞද්ධ රට වශයෙන් පැවැතුණ ඉදිරියට ද එසේම පැවැතිය යුතුය. එහෙත් අන්‍යාගමිකයන් හා එම ආගම්වලට මෙරට සිංහල බෞද්ධයන්ගේ විරෝධයක්‌ අතීතයේ තිබුණෙත් නැත. අදත් නොමැත. අනාගතයට ද ඇති වන්නේ නැත. සිංහල බෞද්ධකමට එරෙහිව නැඟී එන බලවේගවලට එරෙහිවීම මෙන්ම එම බලවේග පරාජය කිරීම දුටුගැමුණු රජතුමාගේ කාලයේ පටන්ම මෙරට සිංහල බෞද්ධයන්ගේ යුතුකමක්‌ හා වගකීමක්‌ බවද කිව යුතුය.

පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි

සමාජ හෘද සාක්‍ෂියට කෙරෙන ඇමතුම

කාමාතුරයන්ට ලක්‌වන මුවත්තියන්ගේ ශෝකාලාපය

නිසංසලා රූමත් තරුණියක වූවාය. පාසල් මිතුරියන් ඇය මෙන් සැරසෙන්නට හැසිරෙන්නට නිතරම ප්‍රියකළේ ඇගේ කෙළිලොල් බවට ඔවුන් හැම දෙනකුම ප්‍රියකළ නිසාමය. කාලය හිරුට හොරා, සඳුට හොරා ගතවී යද්දී නිසංසලාගේ හිතටද ආදරයේ උණුසුම දැනිණි. ඇගේ අහිංසක ප්‍රේමය සොරා ගත්තේ කොළඹ පොත් සාප්පුවක ගැටවරයෙකි. කවරෙකුටත් හොරා නිසංසලා ප්‍රේමවන්තයා විශ්වාස කළේය. ඔහුගේ බස්‌ දෙමාපියන්ගේ දැනමුතුකම්වලට වඩා ඇයට ප්‍රියවීය.

"මං ඔයාව බඳිනවාමයි" ප්‍රේමාතුරයා නිසංසලාට නිතරම පවසා සිටියේය. එක්‌ අඳුරු දිනෙක කොළඹට කිට්‌ටු නවාතැන්පලක සිය කැමැත්තෙන්ම මේ පාසල් දැරිය ප්‍රේමාතුරයාගේ රාග සිතිවිලිවලට ගොදුරක්‌ වූවාය.

ඇයගේ ප්‍රේaමවන්තයා ඇගෙන් ක්‍රමක්‍රමයෙන් දුරස්‌වන්නට වූයේ මේ අතරවාරයේදීමය. සිය ප්‍රේමවන්තයාගෙන් දරුපැටවකු කුසට ආවත් තමන්ට සිදුවූ විපත දෙමාපියන්ට කියන්නට ඇය බිය වූවාය. දෙමාපියන් ඇයට සිදුවූ විපත දැනගත්තේ ඇයව රෝහලට කැඳවාගෙන ගිය මොහොතේදීය.

මෙබඳු බාල දැරියන්ට ලිංගික අතවර කිරිම මේ වන විට ලංකාවේ බරපතළ සමාජ ප්‍රශ්නයක්‌ බවට පත්වෙමින් තිබේ. ලංකාවේ දිනපතා පුවත්පත් විමසන්නකුට මේ විපතේ තරම යම් ප්‍රමාණයකට හෝ අවබෝධකරගත හැකිවනු ඇත. කාමාතුරයකුට තමන්ගේ ලිංගික ආශාව, රාගික ආශාව, සපුරා ගැනීම කුමන හෝ ආකාරයකින් ඉෂ්ට කර ගැනීමට උත්සාහ දැරීම සරල කාරණයක්‌ වෙයි. ඇතැම් අවස්‌ථාවලදී ඉතා ළාබාල දරු දැරියන්ද ඔවුන්ගේ ගොදුරු බවට පත්වූ අවස්‌ථා එමට තිබේ. කිනම් ආකාරයකින් හෝ එබඳු කාමාතුරයකුට පාසල් යන ළාබාල දරුවකු දැරියක ලක්‌වී ඇත්නම් ඒ තත්ත්වයන් දෙමාපියන් වටහාගන්නේ කිනම් ආකාරයකින්ද? මෙය විශේෂයෙන්ම ආසියාතික රටවල ග්‍රාමීය, නාගරික භේදයකින් තොරව දෙමවුපියන් මුහුණදෙන බරපතළම ගැටලුවක්‌ව පවතී.

අනපේක්‍ෂිත අයුරින් පෙර පාසල් දරුවකු, දැරියක කාමාතුරයකු විසින් ලිංගික අතවරයකට ලක්‌කරගෙන ඇත්නම් එම දරුවාගේ හැසිරීම්වල කිසියම් ආකාරයක වෙනස්‌කම් ඇතිවීමට ඉඩකඩ තිබේ. විශේෂයෙන්ම මෙම වයස්‌ මට්‌ටම්වල දරුවන් සිටින මවුවරුන් පහත සඳහන් හැසිරීම් දරුවන් ප්‍රකට කරන්නේ නම් ඒ පිළිබඳව විමසිලිමත්වීම වැදගත්ය. එමගින් අදහස්‌ වන්නේ මේ චර්යාවන් ප්‍රකට කරන හැම දරුවකුම ලිංගික අතවරයකට ලක්‌වී ඇත යන්න නොවේ. මේ පිළිබඳව වඩාත් අවදියෙන් සිටීම සහ නිරන්තර නිරීක්‍ෂණය ඔබගේ දරුවාගේ යහපතටම හේතුවක්‌ වන බවය. මේ පිළිබඳව පුළුල් මට්‌ටමේ අවබෝධයක්‌ දෙමාපියන්ට නොමැති අතර එබඳු අවබෝධයක්‌ දෙමාපියන්ට, සමාජයට හෝ දරු පරපුරට ලබාදෙන්නට සක්‍රීය මැදිහත්වීමක්‌ පවා දැකගැනීමට නොමැත්තේය. එහෙත් සංවර්ධිත රටවල මේ සඳහා යොදා ගන්නා වූ සරලම ක්‍රමවේදය වන්නේ දරුවන් සමග වඩාත් සමීපව ක්‍රියාකරන අතරවාරයේදීම ඔවුන්ගේ චර්යාවන් නිරික්‌සීමය. (BEHAVIOUR OBSERVATION)ඉතා ළාබාල වයස්‌වල දරුවන් ප්‍රකට කරවන එබඳු හැසිරීම් රටාවන් කිහිපයක්‌ පහත දැක්‌වේ.

ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව අසාමාන්‍ය උනන්දුවක්‌ දැක්‌වීමත් ලිංගිකත්ව පිළිබඳ කාරණා පිළිබඳ අසාමාන්‍ය උනන්දුවක්‌ දැක්‌වීම.

කිසියම් කනස්‌සල්ලකින් පසුවීම. නිරන්තර ප්‍රතික්‍ෂේපණයන් දැක්‌වීම සහ කිසියම් වූ අහේතුක බියකින්, මානසික ආතතියකින් කල්ගත කිරීම.

නිරතුරුවට ඇඳ තෙමීම, (BED WETTING) බියකරු සිහින දැකීම (NIGHT MARE) මෙන්ම ඇතැම් අවස්‌ථාවලදී නිදියහනට යන්නට පවා බියවීම. කිසියම් ශාරීරික වේදනාවකින් පසුවීම, රුධිරය වහනය, සැරව හෝ කිසියම් ශ්‍රාවයක්‌ ලිංගික අවයව වලින් නිකුත් වීම, ශරීරයේ පෞද්ගලික ඉන්ද්‍රිය කොටස්‌ ආශ්‍රිතව කිසියම් ආකාරයක රළු ස්‌වභාවයක්‌ හට ගැනීම, ඇතැම් විට විපිළිසර චර්යාවන් මෙන්ම ඉතා ළද බොළඳ සුරතල් බසක්‌ හිටිහැටියේම තෙපලීම, හැසිරීමේ ඉතා ළාමක ස්‌වරූපයක්‌ ඉස්‌මතුවීම. ක්‌ෂණික සහ වටහාගත නොහැකි ආක්‍රමණශීලී චර්යාවන් හෝ කලහකාරී චර්යාවක්‌ ඉස්‌මතුවීම. මුත්‍රා මාර්ගයට හෝ අධෝමාර්ගයට යම් යම් දේ දැමීමට උත්සාහ කිරීම.

හදිසි බියවීම් (Sudden Fear) විවිධාකාර වූ දේ සඳහා මෙබඳු බියවීම් ඇතිවිය හැකිය. විශේෂිත දේවල්, විශේෂිත ස්‌ථානයන්, විශේෂිත පුද්ගලයන් මෙම බිය ගැන්වීම්වලට හේතු පාදක විය හැකිය.

ඉහත ආකාරයටම පෙර පාසල් වියේ පසුවන දරුවන් මෙන්ම ද්විතීයික පාසල් දරු දැරියන්ද යටකී කාමාතුරයන්ගේ ගොදුරු බවට පත්වීමට ඉඩකඩ තිබේ. පෙර පාසල් දරුදැරියන් ප්‍රකට කරන ලක්‍ෂණයන් සේම මෙම දරුවෝaද එබඳු අවස්‌ථාවලදී විවිධාකාරයේ ගති ලක්‌ෂණයන් පහළ කරති. මේ එබඳු ලක්‍ෂණයන්ගෙන් කිහිපයකි. හිසේ කැක්‌කුම මෙන්ම උදර ආසාදනයන් මෙන්ම කායික මානසික ගැටලුකාරී තත්ත්වයන් ඉස්‌මතු වීම. විශේෂයෙන්ම මේ තත්ත්වයන් කායික, මානසික විපරිතයන් ගෙන් හටගත් ඒවා වන්නටද පිළිවන.

දරුවන්ගේ කායික මානසික මට්‌ටම්වලට වඩා ලිංගික ක්‍රියාවලින් පිළිබඳව අසාමාන්‍ය දැනුමක්‌ ලබා ගැනීමට උත්සාහ දැරීමට හෝ (Unusual Knowledge) මෙබඳු ක්‍රියාදාමයන් සඳහා ඇති අපමණ ආශාවද දරුවාට බලපෑමක්‌ එල්ලකරනු ලබයි.

ඉගෙනුමට තිබෙන ආශාව දිගින් දිගටම අවම වීම එසේම තම තමන්ගේ ඉගෙනුම ලබන ශ්‍රේණීන් වලින් පහළට ඇද වැටීම මෙන්ම හිත එක්‌තැන් එක්‌ අරමුණක්‌ තබාගෙන වැඩකිරීමට නොහැකිවීම (Lack of Concentration)

මේ ලෙසටම ගැටවර වියට පත්වූ දරුවන්ද මෙබඳු කාමාතුරයන්ට ගොදුරුවීමට ඉඩකඩ තිබෙනු වග පැහැදිලිවම පෙනේ (Coyne) නම් මනෝවිද්‍යාඥයා 1994 දී ප්‍රකාශ කරන්නේ ගැටවර වියේ පසුවන දරුවන් කිසියම් වූ ජීවිතාබෝධ මට්‌ටමක පසුවන නිසා ඔවුන් මෙබඳු අත්දැකීමකට, අවාසනාවකට හෝ මුහුණ දීමත් සමගම බරපතළ මානසික අවපීඩනයකට (Serious Depression) ගොදුරු විය හැකි බවය.

තමන්ට වඩා වයසින් වැඩි අය කෙරෙහි තම විශ්වාසය රඳවා තබා ගැනීමේ බරපතළ ගැටලුවකට මෙබඳු දරු දැරියන් මුහුණ දෙනු ඇත. මෙබඳු තත්ත්වයන් ඇති වන්නේ තමන් අතිශයින්ම විශ්වාසකළ, ගරු කළ සහ ඇසුරුකළ අයකුගෙන් ඉහත ආකාරයේ අතවරයකට දරුවා නිතර නිතර ගොදුරු වීමේ තත්ත්වයන් මතය. මේ නිසාම වැඩිහිටියන් සමීපතම ඥතීන් කවරකු වුවද විශ්වාස නොකරන්නට මෙබඳු දරු දැeරියන් ගේ සිත ඔවුන්ට බලපෑම් කරනු ලබයි.

ආත්ම ඝාතන උපක්‍රමවලට යොමුවීමට උත්සාහ ගැනීම, මෙබඳු වේදනාත්මක සහ තමන්ම මානසිකව ප්‍රබල කම්පනයකට හේතු පාදක වන කරුණකට ගොදුරුවීමත් සමගම ඇතැම් ගැටවර දරු දැරියන් ආත්ම ඝාතන චර්යාවකට (Self distructive Behaviour)  ගොදුරුවීමට ඉඩකඩ තිබේ.

බොහෝ විට පිරිමි දරුවන් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ගොදුරුවීමට ඉඩකඩ තිබේ. දැරිවියන් වෙතින් ආහාර ගැනීමේ අරුචියක්‌ (Eating Disorder) මෙන්ම ආහාර ප්‍රතික්‍ෂේප කිරීම්ද සිදුවිය හැක්‌කේය.

මෙබඳු බරපතළ ලිංගික අතවරයකට හෝ වෙසෙසින්ම ස්‌ත්‍රී දූෂණයකට ලක්‌වන තැනැත්තියක්‌ විෂයෙහි මනෝ සමාජයීය සාධක බොහෝමයක්‌ ඉස්‌මතු වෙයි. ශාරීරික ගැටලු (Physical Problem) ඒ අතරින් ප්‍රධානය. වෙසෙසින්ම මෙබඳු අවාසනාවන්ත තත්ත්වයකට ගොදුරු වූ දැරියක්‌, යුවතියක්‌ බරපතළ ශාරීරික හිංසනයකට (Physical injury) ලක්‌වීමට ඉඩකඩ ඇත්තේය. ස්‌ත්‍රී දූෂකයන් බොහෝ අවස්‌ථාවලදී සිදුකරනුයේ තමන්ගේ ශාරීරික බලය උපරිමයෙන් භාවිත කොට අදාළ තැනැත්තිය තමන් නතුකර ගැනීම (Forcibly) මෙබඳු අවස්‌ථාවලදී ඔවුන් තම බාහු බලය යොදන බව පැහැදිලිවම පෙනේ. එවිට මෙම තැනැත්තියට තුවාල සීරිම් ආදියද සිදුවනු ඇත. බොහෝ අවස්‌ථාවලදී එම තැනැත්තියට සපාකෑම්, නියපොතු පහරවල් මෙන්ම පහරදීම්වලටත්, තොල් පුපුරායැම්, විදුරුමස්‌ සීරියාම් වැනි තුවාල ද සිදුවිය හැකිය.

එමෙන්ම ඇය ශාරිරික අඩන්තේට්‌ටම්වලට පවා ගොදුරුවිය හැකිය. වෙසෙසින්ම මෙම තැනැත්තාට ගොදුරුවන අය බාලවයස්‌කාර දැරියක්‌ නම් එමෙන්ම ඇය ලිංගිකව නොමේරු මට්‌ටමක ඇත්නම් (SEXUALLY IMMATURE) තවත් ගැටලු ඉස්‌මතුවීමට ඉඩකඩ තිබේ.

ඇතැම් දූෂකයන් පරපීඩාකාමීන්ය. (SADIST) ඔවුqන් මෙබඳු දැරියක, ස්‌ත්‍රියක සමඟින් තමන්ගේ දුෂ්ට අරමුණු ඉටුකර ගන්නට යැමේදී ඔවුහු මෙම දැරියන්ට නොයෙකුත් අන්දමේ අඩන්තේට්‌ටම් කිරීම් හිංසාකිරීම් සිදු කරතිs. එය ඔවුqන් සලකන්නේ සරල හා සාමාන්‍ය දෙයක්‌ ලෙසටය. ඔවුන් සමහර අවස්‌ථාවලදී මෙම ගොදුරු බවට පත්වන තැනැත්තියට පහරදීම්, තුවාල කිරීම් ආදිය සිදුවිය හැක්‌කේය. ඇතැම් විට අධික ලෙස වේගයෙන් ගෙල මිරිකීම නිසා කාන්තාවන්, දැරියන් මියගිය අවස්‌ථාත් දක්‌නට තිබේ.

තවත් අවස්‌ථාවලදී මේ "රහස" එළිදරව් වෙතැයිද, ඉන් තමන් ගේ ජීවිත බලවත් අවදානමකට පත් වෙතැයිද සිතන අපයෝජකයන් සදහටම මේ රහස වළලා දමන නිසායෙන් තමන්ගේ ගොදුරු බවට පත්වන තැනැත්තිය මරා දමන්නට ඇති අවකාශයන්ද බොහෝය. දූෂකයා තමන් අතින් සිදුවන්නේ බියකරු සමාජ තහංචියක්‌ බවත් (Social aboo)  එය දණ්‌ඩනයකට යටත්වන වරදක්‌ බව (Punishable Offence) ඔහු හොඳින්ම දන්නා නිසා හෙතෙම ඉමහත් ලෙස භීතියට පත්වෙයි. යටකී නීතිය නිසාම සහ දණ්‌ඩනයකට ලක්‌වීමට ඇති භීතිකාව හේතුකොට ගෙන තමන්ට ගොදුරු වූ තැනැත්තියව මරා දමා තමන් කොහේ හෝ තැනක වසං වන්නට දූෂකයා උත්සාහ ගනී.

බලෙන් හෝ කැමැත්තකින් තොරව වංචාසහගතව ස්‌ත්‍රී දූෂණයකට ලක්‌වූ තැනැත්තියක බරපතළ චිත්තාවේගාත්මක (Emotional Problem) ගැටලු ගොන්නකට මැදිවිය හැක්‌කේය. තමන්ට එක්‌වරම මේ සිදු වූයේ කුමක්‌ද යන්න පවා වටහා ගැනීමට ඇයට බෙහෙවින්ම අසීරු වනු ඇත්තේය.

ඇය ළාබාල පාසල් යුවතියක්‌ හෝ විවාහයට ආසන්න තත්ත්වයේ පවත්නා තැනැත්තියක නම් තත්ත්වය වඩාත් කනගාටුදායක වනු ඇත. ඇය රූමත්, දයාබර බිරිඳක නම් පුතා සහ දයාබර සැමියා දෙස බලන වාරයක්‌ පාසාම ඇය මැරි මැරී උපදින තරම් සිතුවිලි ඇගේ සිත්හි පහළවනු ඇත. මේ සිතුවිලි සමුදායයන් එක්‌ එක්‌ ලෙසින් සමාන්තර වර්ගීකරණයක්‌ නොකළ හැකි වුවද එක්‌ එක්‌ පුද්ගලයාගේ පෞරුෂත්ව රටාවන් වෙනස්‌ වන්නාසේම ඉහත ගැටලුවට කාන්තාවන් මුහුණදෙන පිළිවෙළද වෙනස්‌විය හැකිය.

ඇයගේ ජීවිතය විනාශ කළ දූෂකයා සම්බන්ධව සදාකාලික වෛරයක්‌ ඇගේ සිත්හි තැන්පත්ව තිබිය හැකිය. මෙබඳු දරුණු ඉරණමකට ලක්‌වූ පාසල් සිසුවියක්‌ මා සමගින් ප්‍රකාශ කළේ කවදා හෝ තමන්ව මේ තත්ත්වයට පත් කර දැමූ බාප්පාගෙන් පළිගන්නා බවය. මට එක දවසක්‌ නොවෙයි දවස්‌ ගණනාවක්‌ම හිතුණා බාප්පා නිදාගෙන ඉන්න කොට පොරවෙන් බෙල්ලට කොටන්න. ඒත් මං ඔක්‌කොම දරාගෙන හිටියෙ මගේ මල්ලිලාත් මගේ අම්මාත් නිසා" යනුවෙනි. එලෙසින්ම තමන්ව මේ තත්ත්වයට පත්කළ සමාජයට හාත්පස වටපිටාවටද ඇය බරපතළ ලෙස වෛර කරන්නට ඉඩ තිබේ. ආහාර පාන ප්‍රතික්‍ෂේප කිරීම්, කිසිවකු සමගින් කථා නොකර සිටීම, වැනි දේ ඔවුන් තුළින් විද්‍යාමාන වන ක්‍රෝධය පිටතට ප්‍රකාශ කිරීම් ලෙසට විස්‌තර කළ හැක්‌කේය.

දිගින් දිගටම මේ තත්ත්වයන් තුළ මානසික ගැටලුකාරිත්වයකට ගොදුරුව සිටින ඇය අතින් තමන්ගේ ආත්ම ඝාතනය (Sucide)  සිදුකර ගැනීමටද ඉඩකඩ තිබේ. ඇතැම් විට මේ ෙ€දවාචකයට ඇය තල්ලු වන්නේ තමන් මේ තත්ත්වයට පත්කළ රුදු සමාජයට "පාඩමක්‌" උගන්වන්නටද විය හැකිය.

සමාජ විද්‍යාත්මක සංකල්පය ඔස්‌සේද මේ තත්ත්වයන් විග්‍රහ කළ හැකිය. ආසියාවේ බොහෝ රටවල වනිතාවක්‌, යුවතියක්‌, දැරියක්‌ සම්බන්ධයෙන් සමාජමය අපේක්‍ෂණයක්‌ (Social Acceptancy) පවතී. තරුණියකගේ පතිවත (Chastity) රැකගෙන ඇයට නිර්මල යුවතියක ලෙසට ජීවත්වන්නට නිරතුරුවම උත්සාහ ගන්නා ලෙසට සමාජය, සංස්‌කෘතිය ඇයට බල කරයි. ඇයට කිසියම් හිරිහැරයක්‌ පිටතින් හෝ ඇය කැමැත්තෙන් සිදුවී නම් එහි විපාකය විඳගත යුත්තේද ඇය විසිනි. මේ බව පතිවත සම්බන්ධව ලංකාවේ වතුකරයේ පවත්නා මේ මතයෙන් පැහැදිලිව පෙන්වා දෙයි. "රෝස ගහ උඩට සාරියක්‌ වැටුණත් සාරිය උඩට රෝස ගහක්‌ වැටුණත් හානිය සිදුවන්නේ සාරියටයි." වරදකාරී චිත්තයද (Guitty Feeling)ඇයට බලපෑම් කරනු ඇත. තමන්ටම මේ දෙය සිදු වූයේ ඇයි? මා මෙතුවක්‌ කල් ආදරයෙන් රැකබලා ගත් තැනැත්තාගෙන්, පියාගෙන්, බාප්පාගෙන් මේ අනතුරු සිදුවුනේ ඇයි? මා කොතරම් පව්කාරද? සියල්ල සිදු වුණේ මගේ වැරැද්ද නිසාද? යන සිතුවිලි ඇගේ සිත්පුරා දිවයන්නට ඉඩ තිබේ. මෙබඳු විපතකට ගොදුරුවන දැරියක්‌ තමන්ගේ ජීවිතය බරපතළ වියවුලකට ලක්‌වූවා යෑයි දිගින්දිගටම සිතනු ඇත. මවුපියන් ට සහෝදර සහෝදරියන්ට උදාවන හෙට දවසේ මුහුණදීම පවා ඇයට අසීරු වනු ඇත. දැඩි පසුතැවිල්ලකට සහ ලැඡ්ජාවකට ඇය ගොදුරුවනු ඇත.

දේවධර්ම ලෙසට සැලකෙන ලැඡ්ජාව සහ බිය හෙවත් විළිබිය සිඳගැනීමෙන් පවට ඇති බිය වුවද ගැමියන් තවමත් සලකන්නේ කාන්තාවකගේ විළිබිය සිඳ ගැනීම ඇයට අතවර කිරීම පාදක කොට ගෙතූ බවය. මෙම ආරංචිය ගම්දනව් පුරා පැතිර යැම හේතු කොට ගෙන පසුතැවිල්ල සහ ලැඡ්ජාව වඩාත් තදින් මෙම දැරු දැරියන්ගේ ජීවිතවලට බලපෑම් කරනු ඇත.

මේ නයින් බලන කල කාමාතුරකුට දැරියක, යුවතියක හෝ ස්‌ත්‍රියක ගොදුරුවීම ඇගේ අගනා ජීවිතය බරපතළ අගාධයකට ඇද දැමීමක්‌ හා සමාන වෙයි.


ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
සමාජ විද්‍යාව පිළිබඳ හිටපු කථිකාචාර්ය

Thursday, February 24, 2011

ඔබටත් නා‍යකයෙකු විශිෂ්ටයෙකු විය හැකිය

 විද්‍යාලයේ 2011 - 02 - 25 දින පැවැත්වෙන ශිෂ්‍යනායක උළෙල නිමිත්තෙනි.

වැඩ කරන්නට යන අවංක පුද්ගලයා සමච්චල් කිරීම , සිනා සීම, බාධා කිරීම, අපහාස කිරීම යනාදී විවිධ අවස්ථාවන්ට මුහුණ දිය හැකි නොසැලෙන ධෛර්යයෙන් යුතු පුද්ගලයකු වීම අත්‍යවශ්‍ය වේ.

කොතරම් ප්‍රඥාව දැනුම තිබුණත් චරිතවත් බව නැති නම් ඒ කිසිවකින් ඵලක් නැත. නායකත්වයට පත්විය යුත්තේ එසේ චරිතවත් පුද්ගලයන් ය.


පාසල් අවධියේ ඇති කර ගත්ත යාළු මිත්‍රකම් ජීවිත කාලය පුරා පවතින බව මතක තබා ගන්න. මිත්‍රත්තවය අමතක කරල නායකත්වය අතට අරන් වැඩ කරන්නත් යන්න එපා.එත් ඒ මිතුරු කම් නිවැරැදි නායකත්වයට බාධාවක් කරගන්නත් එපා.


අතීතයේ වගේ නොසැලෙන ධෛර්යය ඇති මිනිස්සු, ධනයට, බලයට නොනැමෙන මිනිස්සු පිරිසක් ලෙස කරටයුතු කළොත් විතරයි ලෝකය හමුවේ අපට හිස ඔසවන්න පුළුවන් වෙන්නේ.
එදා ඕල්කට්තුමා වගේම මේ විද්‍යාල බිහි කරන්න මුල් වුණු හික්කඩුවේ සුමගංල හාමුදුරුවෝ අධිරාජ්‍යවාදයට යට වුණේ නැහැ. මහා ධනස්කන්දයට යට වුණේ් නැහැ. ධනය නෑ කියලා බලාගෙන හිටියෙත් නෑ. කැප වීමෙන් වැඩ කළා.

අධිරාජ්‍යවාදීන්ගේ ධනයෙන් නොවෙයි මේ විද්‍යාල ගොඩ නැගුණේ.අපේම මුතුන් මිත්තන්ගේ කැපවීම හා ධනය යොදාගෙන බව හිතන්න.මේ පාසල සමස්ත ජාතිය සතු වස්තුවයි කීවට වරදක් නෑ. පාසලක ආදර්ශ පාඨය තියෙන්නේ හදවතේ දරා ගන්න.

අපේ ආදර්ශ පාඨය “අත්ත දීපා විහරථ’’ තමා තමාට පහනක් සේ සිතා ජීවත් වන්න. එවිට තමන්ගේ දොස් තමන්ටම පේන්න ගන්නවා. අපි ඉන් නිවැරැදි වුණොත් අපිට අනෙක් අය සමග කටයුතු කරන්න ඉතා පහසුයි.

චරිතවත් බව කියන්නේ අහිංසක කම නොවේ’ ගහන්න ගහන්න හිස නමාගෙන ඉන්න නිවට කමටත් නොවෙයි. සමාජයෙන් ඈත් වෙලා ප්‍රශ්න වලට මුහුණ නොදි නිකම්ම ඉඳීමත් චරිතවත් බව නොවෙයි.
චරිතවත් බව ලැබෙන්නේ ධෛර්යයෙන් , විශ්වාසයෙන් විනයානුකූලව වැඩ කිරීමෙන් පමණයි. එදා තිබුණු අපේ අධ්‍යාපන ක්‍රමයේ ශීලය ගොඩ නගලයි ප්‍රඥාව දෙන්නේ. අධ්‍යාපන ආයතන වල මුලින්ම කළේ හික්මීම ලබා දෙන එකයි.හික්මුණු තැනැත්තාට ඊළඟට ශිල්පය ලබා දුන්නා.ශිල්පය කඩුවක් වගෙයි. ඒක දෙන්න ඕනෑ හික්මුණු චරිතවත් තැනැත්තාට කියලයි විශ්වාසය තිබුණේ. භාවනාව වුණත් නොහික්මුණු කෙනෙක් කළොත් එයින් සෘද්ධි බල ලබා ගෙන නොවැදගත් දේවල් වල යෙදෙනවා. ලාභ ප්‍රයෝජන තකා විජ්ජා පෙන්නන්න සෘද්ධි බලය පාවිච්චි කරන්න එපා කියලයි බුදු හාමුදුරුවො දේශනා කළේ.

වැඩ කරනකොට අනෙක් අය අපිට හිනා වෙයි. හිනා වෙනකොට පසු බාන්න එපා. ලැජ්ජාවට පත් වෙන්න එපා.ලැජ්ජා වෙන්න බය වෙන්න ඕනෑ පව් කරන්නයි. හිනා වෙයි කියන බයට වැඩ නොකර හිටියා නම් මේ ලෝකයේ ජනතාවට කුඩයක්වත් ඉහළ ගෙන යන්න ලැබෙන්නේ නෑ. මුලින්ම කුඩයක් හදලා ඉහළ ගෙන ගිය නිර්මාණ ශිල්පියාට ඒ මුළු නගරයම හිනා වුනාලු.හිනහ වුණත් නොනැවතී ඉදිරියට යනකොට ඊළඟට අපහාස කරනවා. ඒ අපහාසයට ඔරොත්තු දෙන්න ඕනෑ.


අපහාස කරලත් නතර කරන්නේ නැතිනම් ඊළඟට කරන්නේ බාධා කරන එකයි. පෙත්සම් ගහන එකේ ඉඳන් බොරු චෝදනා කරන එකේ ඉදන් කටකතා කියන එකේ ඉදන් නොයෙක් බාධා කරනවා.
එහෙම කරලත් නතර කර ගන්න බැරි වුණොත් අතින් පයින් පහර දෙනවා. මරා දාන්නත් උත්සහා කරනවා. ඒ කියන්නෙ සේවය කරනව කියන එක ඒ තරම් ලේසි නැහැ. ඒත් අපි ඒක කළ යුතුයි. නියම නායකයා කියන්නේ එහෙම කෙනාට.

අපි ලෝකයට පය තැබුවහම දෙවර්ගයක මිනිස්සු හමුවේවි. එක පිරිසක් වැඩ කරන මිනිස්සු. අනෙක් පිරිස වැඩ නොකර ලකුණු දාගන්න කැමති, කීර්තිය ලබා ගන්න කැමැති පිරිසයි.මෙයින් වඩා පහසු දේ තමයි වැඩ නොකර ලකුණු ලබා ගන්න ගොඩට ඇතුළුවීම. නමුත් මම කියන්නේ ඔබ වැඩ කරන ගොඩට ඇතුළු වෙන්න ඕනෑ කියන එකයි. කකුලෙන් අදින අය, කේලාම් කියන අය, ඉන්නේ වැඩ නොකරන අයගේ ගොඩේ.ඔබ වැඩ කරන ගොඩට ගියහම ඔබට තරගයක් නැහැ.වැඩ කරන අයට ඊර්ෂියාකාරයෝ තරහකාරයෝ පේන්නේ නෑ.දකින්න වෙලාවක් නැහැ.

ඒ වගේම වැඩක් සාර්ථකව කර ගෙන යන කොට ඒ වැඩය උදුරා ගන්න සමහරු ඉදිරිපත් වෙනවා. නමුත් ඒ උදුරන්නේ වැඩ නොවෙයි කීර්තියයි. කීර්තිය උදුරාගෙන යන්න දෙන්න. උදුරාගන්න කීර්තිය හරියට තමන්ට අයිති නැති පරවියෝ වගේ යි. උඩ ගහපු ගමන් උන් ආපහු අයිතිකාරයගේ කූඩුවට යනවා.
කීර්තියත් ඒ වාගේම තමයි. උදුරා ගත්තාට වැඩක් නෑ. වැඩ කරන කෙනාගේ අතටම කීර්තියත් ආපහු එනවා.
මොකක් හෝ කටයුත්තක් පටන් ගන්න සියල්ල සම්පූර්ණ වෙනතුරු ඉන්න එපා. අවශ්‍යතා සම්පූර්ණ වෙනතුරු හිටියොත් කිසිම කාර්යයක් සම්පූර්ණ කරන්න වෙන්නේ නෑ. මේ ලෝකේ කිසිම ගෙයක් සියල්ල සම්පූර්ණ කර ගෙන ඉදි කරලා නෑ. වැඩේ කර ගෙන යන කොටයි අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ.


ඒ නිසා කිසියම් වැඩක් පටන් ගන්න කොට ඒ වැඩේ විශාලත්වය ගැන හිතන්න එපා. විශාලත්වය තමන්ගේ හිතේ මැවෙන දෙයක්. ලෝක වාර්තා තියපු ක්‍රිකට් තරග වල වාර්තාව ගැන කිසිම ක්‍රීඩකයෙක් හිතන්න නැතුව ඇති. ඒ ඒ ලැබෙන පන්දුව ගැනයි දක්ෂ ක්‍රීඩකයෝ හිතන්නේ.ඒ නිසා විශිෂ්ටයෙක් වෙනකම් ඉඳලා වැඩ කරනවයි කියලා හිතන්න එපා. වැඩ වලිනුයි විශිෂ්ටයෙක් බිහි වෙන්නේ. දරුවනේ වැඩ කල්දාන එක ඉතාම නරක පුරුද්දක්.

ඒ වගේම ශිෂ්‍යත්වය වේවා, සාමන්‍ය පෙළ වේවා, උසස් පෙළ වේවා විශිෂ්ට ලෙස සමත් වුණු හැමෝම එදා වැඩ එදාම ඉවර කරපු අය. ජීවිත කාලයේදී නොකළ වැඩ මරණ මංචකයේදී කරන්න බෑ. ඒක මතක තියා ගන්න.

අපි අපිව මනින්නේ කරන්න පුළුවන් වෙයි කියලා අපිට හිතෙන වැඩ වලට අනුවයි. අපි ඒ අනුව තමයි වගකීම් ඉල්ලන්නේ. නමුත් ලෝකයා අපිව මනින්නේ අපි කරලා තියෙන වැඩවලට අනුවයි.
මේ වෙනස නිසා තමන්ට නිසි රාජකාරිය, නිසි තනතුරු නෑ කියා සමහරු පසුතැවිලි වෙනවා. තනතුරු හැමෝටම නැති වුණාට අපි හැමෝටම කළ හැකි යමක් තියනව. ඒ දෙය නොපැකිලිව කරන්න පෙරට එන්න.
ඉන්දියාවේ මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර්තුමා  පාසල් ජීවිත කාලයේ  කිසිදු තෑග්ගක් ලබල නැහැ. නමුත් ඉස්කෝලේදී එක තෑග්ගක් ගත්තේ නැති එතුමා නොබෙල් තෑග්ග ගත්ත කවියා බවට පත්වුණා. පාසල් ජීවිතයේදී තෑග්ගක් නොලබපු එක තනතුරක් නොලබන එක  ජීවිතයේ බාධාවක් කර ගන්න එපා. නායකත්වයට සහයෝගය දීමත් වක‍්‍රව නායකයෙක් ලෙස කටයුතු කිරීමක්.

නායක කමක් නොලැබීමෙන් පාසල් ජීවිතයේ දස්කම් පෙන්වීමට බැරි වීමෙන් රටට වැඩක් නැහැයි කියලා හිතන්න එපා. ඔබ හැමෝම රටට වැදගත්. අපේ පාසලට සමාජයට වැදගත්. අපහසුකම් මැඩ ගෙන වැඩ කිරීමයි වැදගත්. එදා මේ විද්‍යාල වල උගන්වපු අපේ ශ්‍රේෂ්ඨ ජාතික කවියා වන ටිබෙට් ජාතික එස්.මහින්ද හාමුදුරුවෝ මෙහෙම කිව්වා. මේ කවිය හොඳට මතක තියා ගන්න.

කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිර කම්
මේ දේ මැඩ ගෙන දස් කම්
පෑම තමයි සුරු විරු කම්


අවහිරකම් මැඩ ගෙන දස්කම් පෑම තමයි ලාංකික දරුවන්ගේ සුරු විරු කම වෙන්නේ.

නායකයෙකු සතු ගුණාංග ගැනත් අපි ටිකක් සිහියට ගන්න ඕනෙ.

අරමුණ තීරණය කිරීම
 මේක නායකයෙකුගේ හොද ලක්ෂණයක්. අහසට එල්ලකොට විදින්න. එවිට පොල් ගහකට වඩා ඉහළ යා හැකිය. මේක චීන කියමනක්. අපි අරමුණක් තීරණයක් ඇති කරගන්න ඕනෙ යමක් පරයා යන්න මිස එතැනටම යන්න නෙවෙයි. ඒක නායකයාගෙ දැක්ම. එතකොට නායකයාට පුළුවන් පිරිස අරමුණ ලගට හෝ අරන් යන්න. අපි යමක් කරන්න සැලැස්මක් හදනවා කියන්නේ ඒකයි. කළමණාකරණය මගින් යම් දිගු දැක්මක් ඇති කරගන්න ඕනෙ.

ආත්ම විශ්වාසය
තමන්ගෙ දරුව දියේ ගහගෙන යනකොට අම්ම දියට පැනල බේරගන්නවා. ගෙයක් ගිනි ගන්න කොට ගින්නට ‍පැනල මිනිස්සු වටිනා දේවල් ඉවතට ගන්නවා. අලියෙක් එලවන් ආවොත් බේරෙන්න දුවනවා. මේව අළුත් අත්දැකීම්. ඒත් පුරුදු නැහැ කියල අපි මේව අත් හරින්නෙ නැහැ. එහෙනම් කොහොමද ඒව කරන්නෙ. ඒක තමයි ආත්ම විශ්වාසය කියන්නෙ. හැමෝම තුළ ආත්ම විශ්වාසය තියනවා සැගවිලා. ඒක නායකයා මතු කරගන්න ගමන් තම අනුගාමිකයන් තුළත් ඒව මතු කරන්න ඕනෙ.

ආරම්භක හැකියාව- පෙරගමන්කරුවෙකු වීම

වැටෙන හැම විටම යමක් අහුල ගන්න. මේක ඉංග්‍රීසි කියමනක්. මොළෝ පෑදෙන්න නම් වළක වැටෙන්නම ඕන. මේක චීන කියමනක්. ගොඩ පීනල වැඩක් නැහැ. මේක සිංහල කියමනක්. මේ ‍දිහා බලනකොට අපිට පේන්නෙ යමක් පටන් නොගෙන සිත සිත ඉන්න තාක් එය සාර්ථක නොවන බව. ඒ නිසා නායකයාට හොද ආරම්භක හැකියාවක් තියෙන්න ඕනෙ. පසුව අනෙක් අය ඒ දෙසට මෙහෙයවන්න ඕනෙ.

එකමුතුකම - සහයෝගය
මුතුමාලය එකට අමුණලා තියන කොට ලස්සනයි. එක මුතු ඇටයක් වෙන් වශයෙන් ගත්තම ඒකෙ බැබළිම අඩු වෙනව. සොරග්‍රහ මණ්ඩලය සූර්යයා වටා ප්‍රමිතියකට එකට ගමන් කරනවා. එහෙ මෙහෙ විසිරී යන්නෙ නැහැ. චන්ද්‍රයා ආලෝකය එකට කැටි කරල විහිදුවනවා. තරු වගේ වෙන් වශයෙන් ඉන්නෙ නැහැ. වටු කුරුල්ලො වැද්දාගේ දැල සමගියෙන් ඔසවා‍ගෙන ගිහින් බේරුණා. නායකයා මේ වගේ තම පිරිස හා සමගියෙන් උපක්‍රමශීලීව කටයුතු කරන්නට හැකියාවක් ඇති‍ කෙනෙක් වෙන්න ඕනෙ.

නායකත්වගුණය
අනුගාමික පිරිසක් තම පසුපස සිටින බව නිතරම සිතන්න. තමන් හොද ආකෘතියක් බවට පත් වන්න. එක්ව කටයුතු කිරීමට නිතරම කල්පනා කරන්න. ආත්මාර්ථය පසෙක දමන්න. එවිට ඔබ ඔබේ මිතුරන්ට ප්‍රිය නායකයෙකු වෙයි.

විවිධ අයුරින් සිතීම
යුද්ධයකදී සැලසුම් හදන්නේ සෙන්පතිවරු. එහි ජයග්‍රහණය හෝ පරාජය අත්වන‍්නෙ ඒ සැලසුමේ දැක්මට අනුව. ඒ නිසා සෑම පැත්තක් ගැනම යමක් කිරීමේදී දැකීමට නායකයාට පුළුවන්කම තියෙන්න ඕනෙ.
එහෙම නැත්නම් පිරිසක් හසුරුවන්න අපහසු වෙනව.

අන්මත ඉවසීම
සවන් දීම ඉතාම වැදගත්. නායකයා නිතරම අන් අයට සවන් දිය යුතුයි. ඒ මත අදහස් එක් වර නිෂේධ නොකළ යුතුයි. ඒවා ප්‍රතිසංස්කරණය කොට ක්‍රියාත්මක විය යුතුයි. එය ඔබ විශිෂ්ටයකු බවට පත් කරනු ඇත.
තිස්සමහාරාමයේ නන්දවිමලතිස්ස හිමි විද්‍යොදය පිරිවෙණ.

බුද්ධ චරිතයෙන් පිළිබිඹු වන නායකත්ව ල ක්ෂණ

බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් පිරිසේ මාර්ගෝපදේශකයාණෝ වූහ. සමකාලීන දඹදිව විසූ වෙනත් ශාස්තෘවරයන් මෙන් තමන් වටා ගෝල පිරිසක් පිරිවරාගෙන ආගමික සංස්ථාවක නායකයකු ලෙස ක්රියා කිරීමට උන්වහන්සේ ප්රිය නොකළහ. පිරිනිවන් පෑමට ආසන්න අවස්ථාවක අනඳතෙරණුවන් ඇමතූ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පාලනය කරමියි කියා හෝ භික්ෂු සංඝයා තමන් වහන්සේ උදෙසා විසිය යුතුය කියා හෝ අදහසක් තමන් වහන්සේ තුළ නැති බව වදාළහ. එහෙත් උන්වහන්සේ බෝසත් අවධියේ සිටම ප්රජා නායකත්වයක් දීමේ අරමුණ ඇතිව කරුණාව ,වීර්යය, අධිෂ්ඨානය, ප්රඥාව වැනි ගුණාංග පෙරදැරි කොටගෙන ක්රියා කළ අන්දම බෝසත් සිරිත ඇසුරෙන් පැහැදිලි වෙයි.

ශ්රේෂ්ඨ නායකයකු තුළ තිබිය යුතු ගුණාංග බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් පිළිබිඹු විය. ඒ නිසාම සමකාලීන සමාජය විසින් උන්වහන්සේ උදාර නායකයකු ලෙස පිළිගෙන තිබිණි. වරක් සේල නැමති බ්රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ දඅක භවත් ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ කෙරෙහි මහා පුරුෂ ලක්ෂණ ඇත. එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ

බ්රාහ්මණය මම රජෙක්මි. ශ්රේෂ්ඨ ධර්ම රාජයෙක්මි. අන් කිසිවෙකුටත් පැවැත්විය නොහැකි ධර්ම රාජ්යය මම පවත්වාගෙන යමි යි වදාළහ.

පසේනදි කොසොල් රජතුමා වරක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ , උන්වහන්සේ නායකත්ව ලක්ෂණ අගය කළ අන්දම මජ්ජ්ම නිකායේ ධම්මචේතිය සූත්රයේ සඳහන් වේ. තමන් මහා බලයක් ඇති රජෙක්ව සිටියද රාජ සභාව සම්පූර්ණ නිශ්ශබ්දතාවකට පත්කර ගැනීමට අපහසුවන අවස්ථා ඇති බව රජතුමා පැවසීය. එහෙත් බුදුරජාණන් වහන්සේ සිව්වණක් පිරිස මධ්යයේ ධර්මදේශණා කරන විට කිසිවෙකුත් කිවිසුමක ශබ්දයක් පවා ඇති නොකරමින් ඉමහත් ගෞරවයකින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට සවන් දෙන බව රජතුමා පවසා සිටියේ බුදුරජාණන් වහන්සේගේ නායකත්වය ප්රශංසාවට ලක් කරමිනි.

බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට චරිතය උන්වහන්සේගේ නායකත්වය ප්රකට කරන එක් ලක්ෂණයකි. රහසින්වත් පව් නොකිරීම, විශ්වව්යපී කරුණාව, මෛත්රය, අධිෂ්ඨාන ප්රතිබද්ද විර්යය, ආත්ම පරිත්යගය, තමන් සතු සියලු සැප සම්පත හැර දැමීමෙහි ලා පැවති නිරාශාව , නිරහංකාරත්වය, අයුක්තියට නොසැලකීම , යුක්තියට ගරු කිරීම, ආදී ගුණ සමුදායෙන් උන්වහන්සේගේ චරිතය පරිපූර්ණ විය.මහා සීහනාද සූත්රයෙහි සඳහන් වන පරිදි මහළු වියෙදී වුවද උන්වහන්සේගේ එම අභ්යන්තර ගුණ සමුදායේ පිරිහීමක් , ඌණතාවක් ඇති නොවීය.

සමාජයේ සියලු දෙනා කෙරෙහි සමානතාවයෙන් යුතුව සැලකීම ද , බුදුරජාණන් වහන්සේ තුල පැවති විශිෂ්ට නායකත්ව ලක්ෂණයකි. බුදුරදුන් පහළ වන අවධියේ දඹදිව කුළ භේද දැඩි ලෙස පැතිරී තිබිනි. එහෙත් උන්වහන්සේ කුළ භේදය මුළුමනින්ම ප්රතික්ෂේප කළහ. උසස් පහත් වශයෙන් ප්රභේද කොට පැවති සෑම ජාතියකටම කුලයකටම අයත් වූවන්ට බුදුසසුනේ පැවදි වීමට ඉඩ සලසා දුන්නේ උන්වහන්සේ තුල පැවති සමානාත්මතා ගුණය නිසාය. ගංගා , යමුනා, අචිරවතී , සරභු, මහී යන පංච මහා ගංගාවන්හි ජලය මහා සමුද්රයට පිවිසි කළ එම ජලය වෙන් වශයෙන් නොසලකා මුහුදු ජලය ලෙස හඳුන්වන්නාක් මෙන් කවර වර්ණයකට අයත් පිරිසක් වුවත් සසුන් ගත වූවිට ශ්රමණ ශාක්ය පුත්ර යන නමින් හැදින්වෙන බවත් , බුදුරජාණන් වහන්සේ වදාළහ.උන්වහන්සේ තම ශ්රාවකයන්ට වගකීම් පැවරීමේදී වුවද උසස් පහත් භේද නොසලකා දක්ෂතාවන්ට මුල් තැන දී ක්රියා කලහ.රජුන් ඇමතියන් මෙන්ම ගොවීන් කම්කරුවන් දාසි දාසාදීන් වූ කවර තරාතිරමේ කෙනෙකු පිළිබඳ වුවද සමානාත්ම තාවෙන් යුතුව උන්වහන්සේ ක්රියා කළහ.
තම ශ්රාවකයින්ට නිසිකල්හි සුදුසු පරිදි වගකීම් පවරා දීම බුදුරජාණන් වහන්සේගේ චරිතය තුලින් පිළිබිඹු වන තවත් නායකත්ව ලක්ෂණයකි. පැවිදි උපසපන් කිරීමේ වගකීම මුලදී බුදුරජාණන් වහන්සේ විසින් ම සිදු කරනු ලැබූ නමුත් , නොබෝ කලකින්ම ඒ ඒ දිසාවල හා ජනපද වල ශ්රාවකයින් වහන්සේටද පැවිදි උපසපන් කිරීමේ වගකීම භර කළහ. ශාසනික භාරය විමධ්යගත කිරීමක් හැටියට සැලකිය හැකි මෙය බුදුරජාණන් වහන්සේගේ නායකත්වයේ සුවිශේෂ ලක්ෂණයකි. මේ හැරුනු විට තම ශ්රාවකයින් වහන්සේලාට වෙනත් යම් යම් වගකීම් පැවරූ අවස්ථා පාළිබදව සදහන් වෙයි. සච්චවිභංග සූත්ර දේශණාවේදී චතුරාර්ය සත්යය , මාතෘකාව වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් සදහන් කොට , එය විස්තර කිරීමට සැරියුත් තෙරණුවන් සුදුසු යයි දන්වා බුදුරජාණන් වහන්සේ ධර්මාසනයෙන් බැහැර වීම එවැනි අවස්ථාවකි. ගිලන්ව සිටි ගිරිමානන්ද තෙරණුවන් වෙත වඩින ලෙස අනඳ තෙරණුවන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ, උන්වහන්සේ දස සඤ්ඤා දේශනා කොට , එය ගිරිමානන්ද තෙරණුවන්ට දේශනා කිරීම සඳහා ආනන්ද තෙරණුවන් පිටත් කර යැවීම ද එවැනි සිද්ධියකි.

බුදුරජාණන් වහන්සේ තම ශ්රාවක පිරිසේ දක්ෂතා හා ප්රවීණතා හඳුනාගෙන ඊට අනුකූලව විවිධ තොරතුරු ප්රදානය කළහ. පැරණිතම ශ්රාවකයන් වහන්සේ හැටියට අඤ්ඤා කොන්ඩඤ්ඤ තෙරුන්ට ද මහනුවණැති ශ්රාවකයන් අතර සැරියුත් තෙරණුවන්ට ද,ඍධිවතුන් අතර මුගලන් තෙරුන්ටද ,ධූතාංග ධාරීන් අතර මහා කාශ්යප තෙරණුවන්ටද , ආදී වශයෙන් අග තනතුරු ප්රදානය කළ අන්දම අංගුත්තර නිකායේ ඒතදග්ග පාලියෙන් සඳහන් වෙයි.

තම අනුගාවිකයන් ආරක්ෂා කර ගැනීමට ක්රියා කිරීමද බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් පිළිබිඹු වන තවත් නායකත්ව ලක්ෂණයකි.උන් වහන්සේ සැමවිටම තම ශ්රාවකයින් බැහැරින් වන උවදුරු චොදනා ආදියෙන් ආරක්ෂා කර ගැනීමට කාරුණික වූහ කුමාර කාශ්යප මාතාවට දරුගැබක් පිහිටීම පිළිබද සිද්ධියේදී ඉතා සාධාරණ විනිශ්චයක් ලබාදී එතුමිය චෝදනාවෙන් මුදවා ගත්හ. තම ශ්රාවක පිරිසේ යමකු නොමඟ යන අවස්ථාවක් දුටු විට අනුකම්පාවෙන් අවවාද දී සමඟට හැරවෘමට , ඇතැම් විට උපක්රමශීලීව ක්රියා කළහ. නන්ද තෙරණුවන් . කාල සිටුපුත්, ඛේමා බිසව , ආදීන් එසේ සුමඟට හරවාගත්තවුන් පිළිබද නිදසුන්ද.

ජනමතයට ඇහුම්කන් දීමද බුද්ධ චරිතයෙන් ප්රකට වන විශිෂ්ට නායකත්ව ලක්ෂණයකි. ශ්රාවකයන් සඳහා ඇතැම් විනය නීති පණවන ලද්දේත්, සංශෝධනය කරන ලද්දේත් , ජන මතයට ගරු කිරීමක් වශයෙනි. වැසි කාලවලදී තම ශ්රාවකයන් චාරිකා කිරීම නවතා ආරාමවල ම විසිය යුතුය යන විනය නීතිය පනවන ලද්දේ ජනමතයට ගරු කිරීමක් වශයෙනි.ජීවක වෛද්යවරයාගේ ඉල්ලීම මත භික්ෂූන් වහන්සේට අතිරේක ගෘහපති චීවරය පිළිගැනීමට අවසර දීම ද මේ පිළිබඳ තවත් නිදසුනකි. භික්ෂූන් වහන්සේට අවශ්ය වැසිසළු, ගිලන් බෙහෙත් , ආගන්තුක බත් ආදිය අනුදැන වදාලේ විශාඛාවන් විසින් කරන ලද මෙවැනිම ඉල්ලීමක් නිසා බව මහා වග්ග පාලියේ සඳහන් වෙයි.

ආදර්ශවත් වීම බුදුසිරිතේ ප්රකටවන තවත් නායකත්ව ලක්ෂණයකි. බුදුරජාණන් වහන්සේ යථාවාදී තථාකාරී ගුණයෙන් යුක්ත වූහ. දේශනාවත් ඊට අනුරූපව ක්රියා කිරීමත් උන්වහන්සෙගේ චරිතයෙන් නිරතුරුවම දක්නට ලැබෙන්නකි.බුදුරදුන් අල්පේච්ඡතාවේ අගය දේශනා කළේ තමන් වහන්සේ ද අල්පේච්ඡතා ජීවිතයක් ගත කරවින්ය. අහංකාරකමේ ආදීනව වදාළේ නිරහංකාර වීමෙන්ය. රජ සිටු ආදීන්ගේ අපමණ පූජා සත්කාර විදිමින් උන්වහන්සේට කල් ගෙවීමට හැකිව තිබුණි . එහෙත් උන්වහන්සේ නිරහංකාරව පිඬුසිඟා යාමෙන් යැපුණහ.

මෙසේ විමසා බලන විට බුදුරජාණන් වහන්සේ විශිෂ්ට නායකත්ව ලක්ෂණ වලින් යුක්ත ශාස්තෘවරයකු ලෙස හැදින් විය හැකිය.අපිද උන්වහන්සේගේ චරිතය ආදර්ශයට ගෙන නායකයින් වශයෙන් වගකීම් පැවරෙන අවස්ථාවලදී ක්රියා කිරීමට අදිටන් කර ගනිමු.

Friday, February 18, 2011

බුදුදහම හා සාහිත්‍ය කලාවන්ගේ දර්ශනය


බුදුදහමත් ඒ හා බැඳුණු සෞන්දර්ය පිළිබඳ නානාවිධ මතිමතාන්තරත් විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් සාකච්ඡාවට බඳුන් වී ඇත. බුදුදහම හා බැඳී ඇති කලාව පිළිබඳව දීර්ඝ විමසුමක යෙදෙන්නටත් බෞද්ධ කලාව පිළිබඳ වාර්තා කිරීමටත් යම් යම් බෞද්ධ සාධකවලට අනුව විවිධ අදහස්‌ ඉදිරිපත් කිරීමටත් අවකාශ ඇත්තේ ය. ලලිත කලාවන් අතර චිත්‍ර කලාව, මූර්ති කලාව සහ ගෘහ නිර්මාණකලාවට බුදුදහමින් ලද ආභාෂය පමණක්‌ නොව විවිධ රටවල බෞද්ධ කලාවන් ලෙස ඒවා පෝෂණය ලද බව නොරහසකි. එහෙත් කලාව පිළිබඳ ගැඹුරු දර්ශනය වන්නේ සෞන්දර්ය විද්‍යාවයි. බුදුදහමින් දකින ගැඹුරු ජීවන දර්ශනය හා කලාවේ දර්ශනය එකිනෙකින් ගෙන විමර්ශනය කිරීමේ දී එය වඩාත් තීක්‍ෂණව කළ යුත්තක්‌ බවට පත්වේ. අපේක්‍ෂිත අරමුණක්‌ සඳහා ගොණුකළ හැකි පරිදි බුද්ධ දේශනාවන් පිළිබඳ උද්ධෘතයන් මෙන් ම දීර්ඝ බෞද්ධ ඉගැන්වීම් හා සංකල්පනාවන්ගේ භාවිතයට අනුව විවිධ ජනකලාවන් පෝෂණය වී තිබීම අවධාරණය කරගත යුතු ය.

බුදුදහම යනු ජීවිතයේ ඇති නිත්‍ය නොවන අසථිරත්වය දකිමින් එය මනා ව අවබෝධ කරගනිමින් කෙළවර නිවන් සුව අවබෝධ කරගැනිම දක්‌වා වූ ගමන ඉතා සරල ව හා ගැඹුරින් ජනී ජනයාට ඉගැන්වෙන ජීවන දර්ශනයකි. ලොව සියලු ද්‍රව්‍ය පදාර්ථ අනිත්‍යය යන කියමන හා ඒ හා බැඳී ඇති ගැඹුරු දර්ශනය මත පදනම් වූවකි. කලාව හා සම්බන්ධව ඇති සෞන්දර්යය තවත් නා නා විධ දෘෂ්ටීන්ගෙන් විමසිය යුතු විද්‍යාවකි.

බෞද්ධාගමික මූලික ඉගැන්වීම්වල දී නිර්වාණය පිළිබඳ ඉගැන්වීම්වලට වඩා මුල්තැනක්‌ ලැබෙන්නේ ඉතා විශිෂ්ට වූ යහපැවැත්මෙන් යුතු ගුණගරුක ජීවිතයක්‌ ගත කිරීම කෙරෙහි ය. එය සාපේක්‍ෂව ලොව ජීවත් වන අන් සියලු ලෝක සත්වයාට හිතසුව පිණිස වූ එකක්‌ ය. එහි වඩාත් කේJද්‍ර වන්නේ මිනිස්‌ සමාජයයි. මිනිසා කෙරෙහි මානුෂීය ලෙස ජීවත් වීමේ ධර්මතා පිළිබඳ අවධානය යොමු කිරීමේ දී මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ අපට සාකච්ඡා කළ හැකිය. කලාව පිළිබඳ දර්ශනයත්a සරල බෞද්ධ ඉගැන්වීම්වලට පටහැනි නොවන එකක්‌ බව පැහැදිලි කරගත යුතු ය. බුදුන්වහන්සේ පවා කලාව පිළිබඳ ප්‍රශ්න කිරීම්වලදී හැකිතාක්‌ පිළිතුරු දීමෙන් වැළකී සිටීමට උත්සාහ කළ අවස්‌ථා බෞද්ධ ඉතිහාසයෙන් අපට හමුවෙයි. එසේ උකටලී වීමට හේතුව ධර්ම ශාස්‌ත්‍රයන්හි පැවැත්ම කෙරෙහි වැරදි වටහා ගැනීම් හේතුවන නිසා බැවින් යෑයි අපට සිතිය හැකිය.

බුදුදහමට අනුව ලෞකික සෞන්දර්යය පිළිබඳව යම් යම් සීමාවන් පැනවුව ද මිනිසාගේ ආධ්‍යාත්මික සෞන්දර්යයට විශාල ඉඩ ප්‍රස්‌තාවක්‌ විවෘතව ඇති බවක්‌ පෙනෙන්නට තිබේ. බෞද්ධ ඉතිහාසයෙහි සාමනේර වහන්සේලාට බවුන් වැඩීමට රමණීය සෞන්දර්යාත්මක පරිසරය ඉතා ම යෝග්‍ය වූ බව ථෙර - ථේරී ගාතාවලින් ඉදිරිපත් වන භාවගීතවලින් ප්‍රකට වෙයි. සිදුහත් කුමරුන් බෝසත් අවදියේ සේනානි ගමට වැඩම කළ අවස්‌ථාවේ "මේ භූමිභාගය රමණීය ය. වන ලැහැබ ප්‍රසාදජනකය. සුදුවැලි තලා ඇති මහා තොටු ඇති සිත්කළු නදිය ගලා බසින්නීය. හාත්පස ගොදුරු ගම් ද වෙයි. පධන් වීර්යය වඩනු කැමති කුල පුත්‍රයකුට ඒ සඳහා මෙතැන සුදුසුමය"

මෙබඳු ආධ්‍යාත්මික සුන්දරත්වයට හේතු වූ පාරිසරික සෞන්දර්ය බුදුසමයෙහි බැහැර කර නොමැති බව පෙනේ. ලලිත කලාවන්ගේ ඇසුර නිසා මිනිසාගේ ආධ්‍යාත්මික පෝෂණය අද්‍යතන සමාජය තුළ පවා බැහැර කළ නොහැකි ය. බොහෝ විට අද බෞද්ධ විහාරාරාම කලාවන්ගේ පෝෂණයට ඉවහල් වූ කේJද්‍රස්‌ථානය බවට පත්ව තිබේ. නමුත් බුදුසමයෙහි ඇතැම් ලෞකිකත්වය නැඹුරු වූ කලාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් සෞන්දර්යය හා ගැටුමක්‌ ඇති බව ද පෙනේ.

මේ පිළිබඳව අද්‍යතන බෞද්ධ ඉගැන්වීම් හා දේනවල දී කටුකුරුන්දේ පඤ්ඤානන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ නාට්‍ය හා සිනමා කලාව පිළිබඳ දක්‌වන අදහස්‌ ද මෙහි දී සිහිපත් කළ යුතු ය. නාට්‍යය, සිනමාව වැනි දෑ ආග්‍රාහන්‍ය කරන ප්‍රේක්‍ෂකයා ලෞකික වශයෙන් ලොල් බවක්‌ ඇතිකර ගනී. මේ ලොල් බවට හේතු වන්නේ සමාජ යථාවබෝධය නොව එම මාධ්‍ය කලාවන්ගේ ඇති මිථ්‍යාව බව උන්වහන්සේ පවසයි. ඒ අනුව කලා මධ්‍යයන්ගේ ලෞකික සෞන්දර්යයට අද්‍යතන සමාජයේ බෙහෙවින් ඉවහල් වන නාට්‍යය හා සිනමාව උන්වහන්සේ ලෝකෝත්තර ජීවිතය පිළිබඳ ජනයාට පසක්‌ කරගැනීමට මාධ්‍යය ඉවහල් කරගැනීම ද අපූර්වත්වයකි. වේදිකාවත්, සිනමා තිරයත් ඒදණ්‌ඩේ ගමන් කරන සුනඛයකුට උන්වහන්සේ සමාන කරයි. බැලුවොත් බලන, බිරුවොත් බුරන අත්‍යන්ත ප්‍රේක්‍ෂක සම්බන්ධය උන්වහන්සේ ඉන් පැහැදිලි කරයි.

ලෞකික සෞන්දර්ය පිළිබඳ විරෝධතා ආකල්පය පිළිබඳව තාලපුට සූත්‍රයෙහි පැහැදිලිව දක්‌නට ලැබේ. මෙහි දී තාලපුට ගාමිණී නම් රංගධරයා බොරුවෙනුත් ඇත්තෙනුත් ජනතාව සතුටු කරවන රංගධරයාගේ රංග කාර්යය පිළිබඳව භාග්‍යවත් බුදුන්වහන්සේගෙන් ප්‍රශ්න කළේ ය.

"ඒ කරුණෙන් කම් නැත. එය තිබේවා. මේ පිළිබඳ ව මාගෙන් නොවිමසන්න., භාග්‍යවතුන්වහන්සේ පිළිතුරු දීම ප්‍රතික්‌ෂේප කළේ ය. ගාමිණි රංගධරයා දෙවනුවත් තෙවනුවත් ප්‍රශ්න කළ නිසා අකමැත්තෙන් වුව බුදුහු පිළිතුරු දුන්හ.

බැහැර නොකරන ලද රාග, දෝස, මෝහ සහිත ජනයා ඉදිරියෙහි රංගනය කිරීමෙන් ඔවුහු තවදුරටත් රාග, දෝස, මෝහ සහිත වෙති. නැටුම් ශිල්පියා මත් වූයේ, ප්‍රමාද වූයේ අනුන් ද මත් කරවා කයෙහි බිඳීමෙන් මරණින් පසු පහාස නම් නිරයෙහි උපදින බව වදාළහ.

මෙහිදී සමාජ සංස්‌කෘතිකමය ලෙස පිළිගැනෙන ලලිත කලාවන් බඳු අංග ගැන විරෝධතාවක්‌ පළ කිරීම බුදුන්වහන්සේගේ අභිමතය නොවුණු බව පිළිතුරු දීමෙන් වැළකී සිටීමෙන් පැහැදිලි ය.

ලෝකෝත්තර ධර්මය හා බැඳුණු බෞද්ධ ඉගැන්වීම් හා ලෞකික සෞන්දර්යය ගැටුණ ද ගෘහස්‌ථ සමාජය තුළ පවත්නා සෞන්දර්ය ආස්‌වාදනය පිළිබඳ සන්දර්භය තුළ බුදුසමයෙහි විරෝධ ආකල්පයක්‌ හමු නොවන බව ද සත්‍යයකි. පංඤමහිඛ නම් වීණා වාදකයා ස්‌වකීය ප්‍රේමවන්තිය සමග භාග්‍යවතුන්වහන්සේ ඉදිරිපිට වීණා වාදනය කරමින් කළ ගීත ගායනය බුදුන්වහන්සේ අගය කළ බවත් කියෑවේ. බුදුන්වහන්සේ බෞද්ධ ඉගැන්වීම් හා සංසන්දනාත්මක විග්‍රහයක්‌ පංඤමහිඛයන්ට වදාළ බව කියෑවේ. ආධ්‍යාත්මික ව රස විඳින සෞන්දර්ය පිළිබඳ බුදුදහමේ විරෝධාකල්පයක්‌ ඉස්‌මතු වූ තැනක්‌ නොපෙනේ. ලොව පවතින සියලු ද්‍රව්‍ය පදාර්ථයන්ගේ අනිත්‍ය බව වටහා ගනිමින් අත් විඳින රසය උසස්‌ යථාවබෝධයකින් විඳින රසය, බුදුදහමට අනුව එකඟ වූ බව පෙනේ. එය සරල ව විග්‍රහ කිරීමේ දී පිපී ඇති සුන්දර පුෂ්පයක අලංකාරය දැකිය හැකි ය. එය වර්ණනා මුඛයෙන් කතා කළ හැකි ය. එහෙත් ඒ පුෂ්පය විකසිත වී ඇත්තේ පරවීම නමැති විනාශ මුඛයට පත්වීමේ අවස්‌ථාවක්‌ එක්‌ ක්‍රියාවලියක්‌ ලෙස ය. මේ අයුරු සත්‍ය නොවන දහම දකිමින් සුන්දරත්වය යනු කුමක්‌දැයි යථාර්ථවත් ජීවිතාවබෝධ බුදුසමයෙහි අගය කළ බවක්‌ පෙනේ.

බුදුදහම හා කලාව අතර විරෝධාකල්පයක්‌ ඉස්‌මතු වීම භාග්‍යවතුන්වහන්සේ බොහෝ තැන්හි ප්‍රතික්‌ෂේප කළාක්‌ මෙන් ශ්‍රී ලාංකීය ජන කලාවන්ගේ භාවිතය දෙස බලන විට සුවිශේෂී බෞද්ධ මුහුණුවරක්‌ ගන්වමින් දේශීය අනන්‍යතාවක්‌ ඉස්‌මතු කිරීම ද අගය කළයුත්තකි.

භාරතීය ලේඛකයා සෞන්දර්යවාදය අනුව යමින් රසාස්‌වාදනය මතු කළ අතර සිංහල ලේඛකයා එකී රසාස්‌වාදය උදෙසා බුදුදහමේ ඉගැන්වෙන "සියලු සංස්‌කාර ධර්ම අනිත්‍යය, යන නිත්‍යවාදී නොවන අදහස්‌, සංකල්ප මිශ්‍ර කරමින් ලෞකික රසාස්‌වාදනය තුළින් ම ලෝකෝත්තර රසාස්‌වාදනයක්‌ ඉස්‌මතු කිරීමට සමත් වූ බව ද අවබෝධ කරගත හැකි ය.

භාරීතය සාහිත්‍යකරණයෙහි කේJද්‍ර සාධකය වූ කාව්‍ය රසාස්‌වාදන රීතියෙහි ගැබ් නොවූ සිංහල ලේඛකයා, සිංහල පාඨකයා ගැඹුරු ජීවිතාවබෝධයක්‌ ඇති කරවන බෞද්ධ මුහුණුවර පාදක කරගනිමින් සාහිත්‍යකරණයේ නියෑලුණු ඉව නොරහසකි. පන්සිය පනස්‌ ජාතක කථා මගින් මිනිස්‌ සිතෙහි ස්‌වභාවය විනිවිද දකිමින් ධර්ම කරුණු මුල්කරගත් සදූපදේශ සංග්‍රහයක්‌ ලෙස අපට පිළිගැන්වුණු බව පෙනේ. මාර්ටින් වික්‍රමසිංහ ගත්කරු පවා අද්‍යතන සාහිත්‍ය විමර්ශනයේ දී ජාතක කථා සංග්‍රහය විවේක බුද්ධියෙන් කියවන්නකුට උසස්‌ ජීවිත පරිඥානයක්‌ ලබාගත හැකි සනාතන අගයකින් යුත් ග්‍රන්ථයක්‌ ලෙස හඳුන්වා දී තිබේ. සද්ධර්ම රත්නාවලිය බුදුදහමින් ලද පෝෂණය අපූර්ව ලෙස කියාපාන ගද්‍ය කාව්‍යයකි. කාව්‍ය ශාස්‌ථ්‍රානුකූල ධර්මතා මෙන් ම ධර්ම, අර්ථ, කාම, මෝක්‍ෂ යනු බොදු අපේක්‍ෂාවන් සාක්‌ෂාත් කරගැනීමේ අධිෂ්ඨානය සද්ධර්ම රත්නාවලියේ කතුවරයාගේ අරමුණක්‌ බව ද පැහැදිලි ය.

"පද්‍යයෙන් නම් බුද්ධ චරිතයක්‌ ම විය යුතු ය." (පෙදෙන් බුදු සිරිත) කාව්‍යාදර්ශයෙහි නොමැති උපදේශ දක්‌වමින් සිංහල බෞද්ධ ලක්‍ෂණවලින් බැහැර නොවුණු සියබස්‌ලකර උක්‌ත කරුණු සඳහා විශිෂ්ට සාධකයකි. එමෙන් ම සිංහල සාහිත්‍යයේ සන්දේශ කාව්‍යකරණයේ දී බෞද්ධ සදූපදේශයන් ඉදිරිපත් කිරීමට කතුවරුන් අමතක නොකළේ ය.

රසය, කාමය, ඇතුළු සියලු පංච කාමයන් නිර්මාණය වී ඇත්තේ ලෝක සත්වයා වෙනුවෙන් මය. එය ආස්‌වාදනය කිරීම අනිවර්යයෙන් ම සිදුවිය යුතු ය. ඒ ධර්ම න්‍යාය නොව ලෝක නිHdය හෙවත් ලෝක ධර්මයයි. ලෝක ධර්මය වනාහි බුද්ධ ධර්මය ඇතුළු සියලු දෑ අතික්‍රමණය කරන නොවෙනස්‌ ධර්ම න්‍යායයි. එහි වෙනස්‌ නොවන එකම දෙය වන්නේ ද වෙනස්‌ වීමේ ධර්මතාවයි. ගැඹුරින් විග්‍රහ කරන කල නිත්‍ය නොවන බොදු ධර්මතාව මෙමගින් යළි ඉගැන්වෙයි.

ලෝක ධර්මයේ ඇති කාමය, රාගය මුල් වී ඇති ආස්‌වාදනය කිරීම යහපත් ය. එහෙත් එහි සීමාවන් හැඟවෙන මධ්‍යම ප්‍රතිපදා ධර්මය බුදුදහම ය. මේ යථාර්ථය ලෝවැඩ සඟරා කතුවරයා ඉතා සරල ලෙස කියාදෙයි. එය ගැඹුරු දර්ශනයකි. කලාව පිළිබඳ දර්ශනය වූ සෞන්දර්ය ඒතුළින් වටහා ගැනීමට හැකිනම් භාග්‍යවතුන්ගේ දර්ශනය හා කලාවේ දර්ශනයේ අපූර්ව පෑහීමකි.

"ලිපගිනි මොලවන තෙක්‌ දිය සැලියේ

සැපයක්‌ යෑයි කකුළුව දිය කෙලියේ"

"කරන කලට පව් මීරිය මී සේ

විඳින කළට දුක්‌ දැඩි වෙයි ගිණි සේ"

ලෝවැඩ සඟරා මතු කෙරෙන මේ සදූපදේශයන් කලාවේ ත්, බෞද්ධ දර්ශනයේත් න්‍යායක්‌ ලෙස විග්‍රහ කළ නොහැකි ද.

බුදුදහමින් පරිබාහිර වූ සාහිත්‍යයක්‌ අපට නැති තරම් ය. පුරාතන සාහිත්‍යය පමණක්‌ නොව සීගිරි කවිය මගින් ද ජනකවිය මගින් ද ඔවුන්ගේ නිර්මාණකරණයේ බෞද්ධ දෘෂ්ටිය මනා ව විද්‍යාමාන වන අයුරින් රචනා කිරීම ස්‌වදේශීය කලා මාධ්‍යයන්ගේ අපූර්වත්වයකි.


ආචාර්ය පැට්‌ටි්‍රක්‌ රත්නායක
කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා එම අධ්‍යයනාංශය ආරම්භ කිරීමේ පුරෝගාමියා වේ. ජාතික නාට්‍ය අනුමණ්‌ඩලයේ සභාපතිවරයා වේ.
 

Panduwasnuwara

English, IT for university students

A three-week training program on leadership and a three-month training program in English and Information Technology will be given to university students from next year, said Higher Education Ministry Secretary Dr. Sunil Jayantha Nawaratna. The aim of this scheme is to facilitate them for the university eduction, he said.
Under the residential leadership program students qualified for university admission will be taught the importance of teamwork, descipline, motivation and soft skills. The program envisages to mould healthy and mature students who could pursue studies, he said. The Secretary said that the university students should have a sound English and IT knowledge to continue university education. Prior to admission to universities, the students will be given a three-months English and IT training in their residential areas.
The program will be conducted at the National On-line Distance Education Services Centres (NOLDES) and 300 selected schools islandwide, he said. Students seeking university admission are required to sit for the English paper at the Advanced Level Examination from this year.

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්

ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්
මා සෑසී තිලෝනා වඳිම්
හද පුදසුන් සදා එහි බැති මල් පුදා
මා සෑසී තිලෝනා වඳිම්
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්

අංගුලීමාල නාලාගිරී
ලෝ සතුන් රාග පාපෙන් පිරී
අදමි පවිටන් දැමූ දම් අමාවෙන් තෙමූ
දම් රදාණන් වඳිම් සෑමදා

සිව් සැකී සත් කෙළක් දුක දරා
සිව් සුවේ පස් මරුන් මන් අරා
පාරමී දම් පුරා බුදු වූ ලොව් තුරා
දම් රදාණන් වඳිම් සිත්පුරා

මුල් සෙවූ වේදනා සාදනා
ඉන් මිදෙවු සේක මේ ලෝ දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ
ලෝ පියාණන් වඳිම් සෑමදා
මා සෑසී තිලෝනා වඳිම්

සුජාතා අත්තනායක
ප්‍රේමනාත් ජයතිලක