Warmly Welcome

අප විද්‍යාලයේ වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි.

Monday, April 18, 2011

ධර්මපාලතුමාගේ අවුරුදු සියයකටත් වඩා පැරණි නිවස දැන් කෞතුකාගාරයක්‌...


සම්බුද්ධත්ව ජයන්තියට පෙළ ගැසෙන බෞද්ධ ජනතාවට අද බුද්ධාගම ඉතිරි වී ඇත්තේ අනගාරික ධර්මපාලතුමා නිසාය. බුදුන්ගේ දේශය රැක ගන්නටත් බුද්ධගයාව බේරා ගන්නටත්, එතුමා දිවි හිමියෙන් කැපවූයේය. ධර්ම දූත සේවාව වෙනුවෙන් ජීවිත කාලය කැප කළ අනගාරික ධර්මපාලතුමා නොවන්නට අද බුදුදහම බෞද්ධ සිද්ධස්‌ථාන දකින්නට පවා නොලැබෙන්නට ඉඩ තිබිණි. බුද්ධ ශාසනය රැකගත් අනගාරික ධර්මපාල හෙවත් දොන් ඩේවිඩ් හේවාවිතාරණ නම් වූ ඔහු පිළිබඳ අප දන්නා දේ කෙබඳු ද... එතුමා ශ්‍රී ලාංකිකයන් වන අප ඔබ සැමට ම වටිනා වස්‌තුවකි. බුදුදහම රැකගත් වීරයෙකි. ඔහු පිළිබඳව අනාගත පරපුරට තොරතුරු අධ්‍යයනය කිරීමටත්, ඔහු පිළිබඳ අභිමානය හුවාදැක්‌වීමටත් ඔහුගේම පිනෙන් පහළ වූ කොළඹ මාලිගාකන්දේ ආනන්ද බාලිකාවෝ පෙළ ගැසී සිටිති. ඔවුන් අනගාරික ධර්මපාල නමින් කෞතුකාගාරයක්‌ සකස්‌ කර තිබේ. එහි ධර්මපාලතුමන් පිළිබඳ බොහෝ දෑ අඩංගුය. ඔහු පරිහරණය කළ බඩු බාහිරාදිය පවා එම කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ධර්මපාල කෞතුකාගාරයක්‌ තැනීමට සුදුසුම ස්‌ථානය ආනන්ද බාලිකා විදුහලේ විදුහල්පතිවරිය, ආචාර්ය මණ්‌ඩලය හා ශිෂ්‍යාවන් විසින් තෝරා ගෙන තිබීම මෙහිදී විශේෂයෙන්ම දැක්‌විය යුතුය. ඒ අනගාරික ධර්මපාලතුමා අවසන් කාලයේ ජීවත් වූ "වික්‌ටර්" හවුස්‌ (ඪෂCඔධR HධඹීE) නමැති නිවසයි.

"වික්‌ටර් හවුස්‌" නමැති ඔහු ජීවත් වූ නිවස පිහිටා තිබුණේ මරදාන හන්දියෙන් මාලිගාකන්ද පාරේ මහාබෝධිය පිහිටි භූමියට පසුව හමුවන භූමියේය. එහි දැනට දැකගත හැකි වන්නේ ආනන්ද බාලිකා විද්‍යාලයයි. එම විද්‍යාලයේ ආරම්භක ගොඩනැඟිල්ල මෙම "වික්‌ටර් හවුස්‌" නමැති ධර්මපාලතුමාගේ නිවස බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි. වසර සියයකටත් වඩා පැරණි මෙම නිවසේ ආනන්ද බාලිකා පාසල පවත්වාගෙන ගොස්‌ තිබේ. එය 2009 මාර්තු මාසය දක්‌වාම පාසලේ නේවාසිකාගාරය ලෙස භාවිත කර තිබේ. බොහෝ කලක්‌ ජරාජීර්ණව තිබූ මෙම නිවස යළි පිළිසකර කර ධර්මපාල කෞතුකාගාරයක්‌ බවට පත් කිරීම වත්මන් විදුහල්පති ආර්. ඒ. එම්. ආර්. හේරත් මහත්මිය ප්‍රමුඛ ගුරු මහත්මියන්ගේ මෙන්ම පාසල් ශිෂ්‍යාවන්ගේ දැඩි ප්‍රයත්නයක අගනා ප්‍රතිඵලයකි.

කොළඹ ආනන්ද බාලිකා පාසල ආරම්භ කිරීමට මූලික අඩිතාලම දමන ලද්දේ අනගාරික ධර්මපාලතුමා විසිනි. ඒ සම්බන්ධයෙන් වත්මන් විදුහල්පතිවරිය තතු හෙළිදරව් කළාය.

අපි ධර්මාල කෞතුකාගාරය හැටියට යොදා ගන්න ගොඩනැගිල්ල එතුමා අවසන් කාලයේ ජීවත් වූ නිවසයි. ධර්මපාලතුමා එම නිවසේ කවදා හෝ දවසක බාලිකා පාසලක්‌ ආරම්භ කරන්න කියලා කොළඹ ආනන්ද විදුහලේ හිටපු විදුහල්පති පී. ද. එස්‌. කුලරත්න මහතාට කියලා තිබුණා. ඒ අනුව තමයි වෙනත් තැනක ආරම්භ කර තිබූ ආනන්ද බාලිකා විද්‍යාලය මේ ස්‌ථානයට රැගෙන ඇවිත් ධර්මපාලතුමාගේ නිවසෙහි නැවත ආරම්භ කර තිබෙන්නේ. කුලරත්න මහතාගේ බිරිඳ හිල්ඩා කුලරත්න මහත්මිය මෙම පාසලේ ආරම්භක විදුහල්පතිවරියයි. මුල් කාලීනව පංති කාමරත් පසුව පාසලේ නේවාසිකාගාරය ලෙසත් මෙම ගොඩනැඟිල්ල හෙවත් ධර්මපාලතුමා ජීවත් වූ නිවස භාවිත කෙරුණා. ඒ මීට වසර 86 කට පමණ පෙරයි. මේ ගොඩනැගිල්ල ධර්මපාලතුමා ජීවත් වූ නිවස බව වැඩි දෙනකු තියා එතුමාගේ ඥාතීන්වත් දැනගෙන හිටියේ නැහැ. හැමෝම හිතුවේ ඒ නිවස විනාශ වෙලා ඇති කියලයි. අපි මේගැන දැනගත්ත මොහොතේ පටන් එය සංරක්‌ෂණය කරන්න පියවර ගත්තා. මේ වෙනුවෙන් පාසලේ ගුරුවරුන්, දරුවන්, දෙමවුපියන් හා ආදි ශිෂ්‍යාවන් විශාල සහායක්‌ ලබා දෙනවා. මතු පරපුරට ධර්මපාල නාමය රැකදීම අපේ අරමුණ හා වගකීමයි.

මෙම කෞතුකාගාරයේ ධර්මපාලතුමා භාවිත කළ පුටු, මේස, පෙට්‌ටගම් වැනි භාණ්‌ඩ කිහිපයක්‌ම ඇත. ඊට අමතරව ධර්මපාලතුමාගේ ජීවිතය හා බැඳුණු එතුමාගේ අත්අකුරින්ම සටහන් වූ ලියකියවිලි රැසක්‌ පරිහරණය කළ ද්‍රව්‍යවල ඡායාරූප එකතුවක්‌ ජීවන සිද්ධි හා බැඳුණු ඡායාරූප හා තොරතුරු රැසක්‌ මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත. ධර්මපාලතුමා ඇසුරු කළ හා එතුමා දැක කතා බහ කර ඇති දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයන්ගේ ප්‍රකාශ ද මෙම කෞතුකාගාරයේදී දැකගත හැකිය. එම ප්‍රකාශ හා ලිපි ඒ අයගේ අත් අකුරින්ම ලියූ මුල් ලිපිම වීම විශේෂත්වයකි. ඇතැම් ලිපි අබලි තත්ත්වයේ පවතින ඒවාය.

ධර්මපාලතුමාගේ සමීපතමයකු වූ දේවප්‍රිය වලිසිංහ මහතා සම්බන්ධයෙන්ද තොරතුරු රැසක්‌ මෙම කෞතුකාගාරයට යන කෙනකුට දැකගත හැකිය. එසේම ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවේ ඇති තොරතුරු රැසක්‌ද මහත් පරිශ්‍රමයක්‌ දරා එකතු කර මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. ධර්මපාල චරිතය අධ්‍යයනය කරන කෙනකුට එකම තැනකදී සියලු තොරතුරු ලබා ගැනීමට හැකි වීම මෙම කෞතුකාගාරයේ ඇති සුවිශේෂ වටිනාකමකි.

ලොව පුරා බෞද්ධ ජනතාවට බුද්ධ ශාසනය රැක දුන් අනගාරික ධර්මපාලතුමා හා එම ජීවන අත්දැකීම් සියලු බෞද්ධ ජනයා අනිවාර්යයෙන්ම දැනගත යුතුය. ධර්මපාලතුමා නොවන්නට බුදු දහම ලොවෙන් සදහටම තුරන් වන්නට ද ඉඩ තිබිණි. එබැවින් අප ධර්මපාල චරිතය හැදෑරිය යුතුය.

තුෂාරී කළුබෝවිල
ඡායාරූප සුජාතා ජයරත්න

Friday, April 1, 2011

OL Result Summerry

මාධ්‍ය භාෂාව ගණිතය සමග සම්පූර්ණ විභාගය ඉදිරිපත් වූ       187
මාධ්‍ය භාෂාව ගණිතය සමග සාමර්ථ්‍ය 6 ක් හෝ ඊට වැඩි        149
මාධ්‍ය භාෂාව ගණිතය සමත්ව උසස් පෙළ සුදුසුකම් ලැබූ         143
ඊට වෙනස් අන්දමින් උසස් පෙළ සුදුසුකම් ලැබූ                       06
උසස්පෙළ සුදුසුකම් නොලැබූ                                                   38
විෂයයන් 9 ම අසමත්                                                               00
විෂයයන් 9 ට ම ඒ සාමර්ථ්‍ය ලැබූ                                              6
විෂයයන් 9 ඒ බී සී සම්මාන පමණක් ලැබූ                                81